ආචාර්ය රෝලන්ඩ් සිල්වා බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය අගමැතිතුමා අතින් විවෘත වෙයි

මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් සිල්වා වියතානන්ට උපහාර පිණිස ඉදි කරන ලද දඹුල්ල ආචාර්ය රෝලන්ඩ් සිල්වා බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය   මහින්ද රාජපක්ෂ විසින් අද 2020.12.20 දින විවෘත කළේය.

මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ප්‍රථම නවීන තාක්ෂණානුකූල බිතුසිතුවම් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය වේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වැය කරමින් ඉදි කළ මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පැරණි බිතුසිතුවම් පිටපත් කර සංරක්ෂණය කර ආරක්ෂා කර ගැනීමේ විද්‍යාත්මක පර්යේෂණාගාරයක් ලෙස ස්ථාපිත කර ඇත.


ආචාර්ය රෝලන්ඩ් සිල්වා වියතානන්, ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා වංශකතාවේ නව පිටුවක් පෙරළමින් යුනෙස්කෝවේ මග පෙන්වීමෙන් සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය පිහිටුවීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක යෙදුණු එහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නිර්මාතෘවරයා ය.

පුරාවිද්‍යාව සහ වාස්තුවිද්‍යාව යන විෂය ක්ෂේත්‍රයන් හි විශාල දියුණුවක් ඇති වූයේ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භවීමත් සමඟිනි. ශ්‍රී ලංකා පුරාවිද්‍යා ස්මාරක ලෝක උරුමයන් ලෙසින් ලොව පුරා ප්‍රචලිත කිරීම විදේශීය සංචාරක කර්මාන්තයෙහි ප්‍රගමනය හේතුවිය. ඒ ඔස්සේ අරමුදල් රැස් කර ගැනීමේ ක්‍රියාවලිය මඟින් ස්මාරක නඩත්තු සහ උරුම කළමනාකරණයට මහඟු පිටුබලයක් ලැබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි උදාර සංකල්ප ක්‍රියාවට නැංවූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාට උපහාර පිණිස රංගිරි දඹුලු රජමහා විහාරයට යාබදව ඉදි කරන ලද මෙම පර්යේෂණ හා සංරක්ෂණ මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලාංකේය බිතුසිතුවම් කලාවේ ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට නූතන යුගය දක්වා වූ  සිතුවම් පිටපත් කිරීම, සංරක්ෂණය, නඩත්තුව සහ විද්‍යාත්මක ගබඩා කිරීම සිදු වේ.

 

Exit mobile version