ආගමික වතාවතට සීමා වූ ජනපති උපන්දිනය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   චිරාගත ආගමික වතාවත්වලට සීමා වෙමින් අද (20) සිය 71 වැනි ජන්ම දිනය සැමරීය.

ජනාධිපතිතුමා අද උදෑසන අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස පහන් දල්වා, කිරි ආහාර පූජාව පැවැත්වූ අතර පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ ආගමික වතාවත් සිදු කළහ.

අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කප්රුක් පූජාව සිදු කළ අතර, චෛත්‍ය මළුවේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය ද ඉටු කළේය.


රුවන්වැලි සෑය පරිශ්‍රයේ ඇති දුටුගැමුණු මහරජුගේ සහ විහාරමහා දේවියගේ පිළිරුවට මල්දම් පැළඳවීම  ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

චෛත්‍ය මළුවේ ඇති බුද්ධ මන්දිරය සහ දේවාල වෙත ද ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‍මහා සංඝරත්නය උදෙසා උදෑසන දානමය පුණ්‍යකර්මය ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කර ති

Exit mobile version