අ.පො.ස.සා.පෙ. විභාගයට පෙනී සිටින කොවිඩ් ආසාදිත දරුවන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන

රෝහල් තුළ විභාග මධ්‍යස්ථාන 25ක් පිහටුවීමට කටයුතු කරයි...

නතාෂා නෙත්මිණි –                                                

මාර්තු 01 වන දින ආරම්භ වන අ.පො.ස (සාපෙළ) විභාගයට පෙනි සිටින දරුවන්ගෙන් කොවිඩ් වෛරසය ආසාදනය වූ දරුවන්‌ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන 25ක් ස්ථාපිත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය  සදහන්කරයි.

මෙම විභාග මධ්‍යස්ථාන 25 ම රෝහලක් තුළ ස්ථාපිත වී ඇතැයිද දරුවා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතරම විභාගයට පෙනී සිටීමේ හැකියාව ඇති බවත් දරුවාගේ විභාග කටයුතු අධීක්ෂණය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජිතයෙකු යොදවා ඇතැයි ද ඇය සඳහන් කළාය.

තවද නිවෙස් තුළ නිරෝධායනයට ලක්වන දරුවන් ඔවුන්ට නියමිත විභාග මධ්‍යස්ථානය වෙත යායුතු අතර එහි එම දරුවන් වෙනුවෙන් විශේෂිත ස්ථානයක් සකසා ඇති බවත් එම ස්ථානය සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු යෙදවීමට කටයුතු කර ඇතැයිද වෛද්‍ය ලොකුබාලසූරිය මහත්මිය පැවසුවාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම දරුවන් වෙත ගුරුවරුන්  ලංවීමට ඇති බිය හේතුවෙන් මෙසේ සෞඛ්‍ය සාමාජිකයෙක් යෙදවිමට තීරණය කළ බවද ඇය අවදාරණය කළාය.

 

Exit mobile version