අහඹු ලෙස තේරූ රෝග ලක්ෂණ කිසිවක් නැති 12 දෙනෙකුට පීසීආර් කරලා… 12ටම කොවිඩ්…

කීර්ති ප්‍රනාන්දු –

අහඹු ලෙස තෝරාගත්   කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොමැති පුද්ගලයන් දොළොස් දෙනෙකුට සිදු කරන ලද    පී . සී  ආර් .  පරීක්ෂණවලින්  එම පුද්ගලයන් දොළොස් දෙනාම කොවිඩ් වෛරසය ආසාදිතයන් බවට වාර්තා වූ සිද්ධියක් කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක  එස් .ඒ.යු.ටි. කුලතිලක  හෙළි කරයි.

මෙම රෝගීන් දොළොස් දෙනා කටාන සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි විවිධ මට්ටමේ වයස්වල පසුවන්නන් බව ද ඔහු පවසයි.

මෙම රෝගීන් දොළොස් දෙනා කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති බවත් ඔවුන් කොරෝනා ආසාදිතයින්ගේ  ආශ්‍රිතයකු  හෝ නිරෝධායනය සිටි පුද්ගලයන් නොවන බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෙළි කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉකුත් 18 වන දින පී .සී .අර් . පරීක්ෂාවට ලක් වූ මෙම පුද්ගලයන් දොළොස් දෙනාගේ වාර්තා ඊයේ 21 දින ලැබුණු බවත් අනතුරුව ඔවුන් පිරිස ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට  යොමු කර ඇති බවත්  කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක  එස් .ඒ.යු.ටි. කුලතිලක  පෙන්වා දෙයි.

Exit mobile version