“අසූචි වළෙන් ආ අය සමඟ දේශපාලනික දුරස්ථභාවයක් තබාගත යුතුයි”

බැසිල්ගේ කතාවට ශ්‍රිලනිපයේ අය ඇවිළෙයි

කිරි කළයකට ගොම බිංදු මුසු වුණා කියා 2015 දී සන්ධානයෙන් පැන ගොස් අසූචි වළකට සමහරු පැන්න බවත් මෙවර ඔවුන් යළිත් එම වළෙන් ගොඩවිත් අප සමඟ එක්වුණත් ඔවුන් සමඟ දේශපාලන දුරස්ථභාවයක් තබා ගත යුතු බවට පසුගියදා මැතිවරණ රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතා විසින් මැතිවරණය සම්බන්ධ රැස්වීමකදී කළ කතාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන බොහෝ පුද්ගලයන් තුළ යම් වික්ෂිප්ත බවක් නිර්මාණය වි ඇති බව වාර්තා වේ.

ඔහු මෙම කතාවෙන් ඉලක්ක කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රජයේ තනතුරු ලබා ගනිමින් ඔහු සමඟ ගිය ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන්ට වන අතර එහිදී බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ මෙම පුද්ගලයන් අප පිළිගත යුතු වුවත් ඔවුන් බදා වැළඳගැනීම නුසුදුසු බවය. “අසූචි ගා ගත්තු අය සිප වැලඳගත්තොත් අපට මොකද්ද වෙන්නේ කියල අපි හැමෝම දන්නවා. ඒ නිසා ඔවුන් දේශපාලනිකව දුරස්ථ භාවයකින් තබා ගත යුතුයි“ යනුවෙන්ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කොට ඇත.

මෙය එම අපේක්ෂකයන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් යම් අවිනිශ්චිත බවක් නිරූපණය කෙරෙන අතර මේ හේතුවෙන් එම පක්ෂය නියෝජනය කරමන් මෙවර මැතිවරණයට ඉදිරිපත් ව ඇති අපෙක්ෂකයන් අතර දැඩි කතාබහට ලක්ව ඇති අතර ඔවුන් තම උපරිම ශක්තිය ජයග්‍රහණය වෙනුවෙන් යොදවා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.


ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන මෙවර නාම යෝජනා ලබා ගත් ශ්‍රි ලංතා නිදහස් පක්ෂ ප්‍රධාන පෙළේ සාමාජිකයන් ගණනාවක් සිටින අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර ඔවුන් අතර ප්‍රමුඛ පෙලේ සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම දයාසිරි ජයසේකර මහත්වරුන් මේ වනවිට ප්‍රසිද්ධියේම පොහොට්ටු සාමාජිකයන් සහ අපෙක්ෂකයන් අතින් ඔවුන්ට සිදුවන මදිපුංචිකම් පිළිබඳව සඳහන් කර ඇති අතර අවසානයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නායකත්වය විවේචය කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවටද පසුගිය දිනවල තර්ජනය කළේය.

Exit mobile version