අසාද් සාලි ගේ ප්‍රකාශය සම්බන්ධව පොලිස් විමර්ශන ආරම්භ වේ…

කීර්ති ප්‍රනාන්දු –

අසාද් සාලි ඉකුත්දා සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව විමර්ශනය සඳහා පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දිනයේ දී පැමිණිලි කීපයක් ලැබී තිබුණු බවද ඔහු කීවේය.

අසාද් සාලි ගේ එම ප්‍රකාශය රටේ නීතියට පටහැනි බවට එම පැමිණිලිවලින් සඳහන් කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


එසේම එම ප්‍රකාශවලින් ආගමික හා ජාතීන් අතර විසංවාදයක් ඇතිවන බවත් එම පැමිනිලිවල සඳහන් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශවරයා කීය.

මෙම තත්වය විමර්ශනය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් හය දෙනෙකුගේ  විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බවද හෙතෙම සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මෙම ප්‍රකාශය විවිධ සමාජ මාධ්‍යවල පලවීමෙන් පසුව යම් යම් අයගේ අදහස් ප්‍රකාශ වී ඇති බවත් එම අදහස්  ප්‍රකාශ පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

Exit mobile version