අස්වනු අඩුයි… එළවළු මිල අඩුවීමක් නෑ… කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණයකින් හෙළි වෙයි!

ඉකුත් දිනවල පැවති අධික වර්ෂාවත් රසායනික පොහොර නොමැතිවීමත් යන හේතුව මත ගොවීන් වගා කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද කළ බවත් කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමේ ක්‍රමවේදයට යොමුවීම ක්ෂණිකව සිදු වීම හා ගොවීන් ඊට සූදානමක් නොමැති වීමත් මත මධ්‍යම පළාතේ අපේක්ෂිත වගා අස්වනු මෙවර අඩු වීමට වැඩි ඉඩක් ඇති බවත් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ ආර් බණ්ඩාර පවසයි.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පරීක්ෂණයක් සිදු කොට ඇති බවද කී ඔහු පොහොර හා පළිබෝධ නාශක නොමැති වීම මත පළිබෝධ හානියක් යම් හෙයකින් ඇතිවුවහොත් සියලුම වගාවන් අපතේ යනු ඇතැයි බියට පත්ව ඇති ඇතැම් ගොවීන් සිය එළවළු අස්වනු නියමිත කාලයට පෙර ගලවා තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද ඔහු කීය.

මේ හේතුව මත ඉදිරියේදී එළවළු මිල සැලකිය යුතු පහළ යෑමක් අපේක්ෂා කිරීමට නොහැකි බවද පවතින තත්ත්වයන් යටතේ හැකි අයුරින් අස්වනු වැඩි කර ගැනීම සඳහා කටයුතු කරන බව ද ඔහු කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර grand kandyan හෝටලයේ පැවැති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කාබනික බෝග නිෂ්පාදන යුරෝපීය වෙළඳපොලට යොමු කිරීම සම්බන්ධව වූ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාවය පිළිබඳ සමුළුව කින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

Exit mobile version