අස්ගිරි පාර්ශ්වය 20ට විරුද්ධ යයි කී අය ගැන සොයන්න

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අස්ගිරි මහ විහාර පාර්ශවයේ විරෝධය මැයෙන් වෙබ් අඩවියක අසත්‍ය ප්‍රචාරයක් පළවී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සමාජය නොමඟ යැවීමට උත්සහ කළ අය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකරන ලෙස මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කළ බවත් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

අස්ගිරි මහ විහාර සංඝ සභාව මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රැස්ව විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දැක්වීමට තීරණයකර තිබෙන බවත් එයට පක්ෂව ඡන්දය ලබාදීමෙන් රට අර්බුදයකට ගමන් ගන්නා බවත් අදාළ ප්‍රවෘතියේ සඳහන් යැයිද එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් ධම්මාන්නද නාහිමියෝ කීහ.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අස්ගිරි මහ විහාර කාරක සංඝ සභාව කිසිදු අවස්ථාවක රැස්වී සාකච්ඡා නොකළ බවත් මේ සම්බන්ධයෙන් පොලිස් බුද්ධ අංශ මගින්ද පරීක්ෂණයක් සිදුකරන බවත් උන්වහන්සේ පැවසූහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව සාකච්ඡාකර අදාළ ව්‍යාජ පුවත පළකළ පුද්ගලයාට හා වෙබ් අඩවියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ලේඛකාධිකාරී නාහිමියෝ ප්‍රකාශ කළහ.

Exit mobile version