“අසපුව“කට එරෙහිව අහංගම මිනිස්සු සහ හිමිවරු කලු කොඩි දමති

සමාජය තුළ  බරපතල කතාබහකට ලක් වී ඇති  අසපුවක් බව කී අහංගම මෙත් බෝ සෙවන නැමැති ස්ථානයට එරෙහිව අද (05) අහංගම ප්‍රදේශවාසීහු විරෝධතාවයක නිරත වූහ.

අද උදැසන අහංගම නගරයට එක් වී කලු කොඩි ඔසවමින් විරෝධතාවය දැක්වූ පිරිස අතර අහංගම  ගම්වාසීන්  පමණක් නොව, දකුණු පලාත් නායක හිමි වරු  ඇතුළු සංඝයා වහන්සේලා  ද දක්නට ලැබීම විශේෂත්වයක් විය.

අහංගම මෙත්බෝ සෙවන නම්න් පවත්වා ගෙන යන මෙම ස්ථානයේ හිමිවරුන්    ප්‍රදේශවාසීන් සමගත්, නීතිය පවත්වාගන්නට උත්සාහ කළ අංහගම පොලිසිය සමගත් නිරන්තර ගැටුම් ඇතිකරගෙන තිබිණි. මේ ගැටුම අතරේ මෙත් බෝ සෙවන හිමිනමක්  සජීවීව සමාජ මාධ්‍ය ජාලාවකට පැමිණ අහංගම පොලිසියට බරපතල චෝදනා එල්ල කළේය.


එම අවස්ථාවේදීම මෙත් බෝ සෙවන හිමියන්ගේ හැසිරීමට  එරෙහි වූ  ප්‍රදේශවාසී නායක හිමිවරු අහංගම පොලිස් ස්ථානාධිපිතවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

මේ ස්ථානයට එරෙහි ව අද උද්ඝෝෂණය කරළ ගම්වාසීන්ගේ චෝදනා අතර  තිත්තගල්ල හවුපේකන්ද වත්‍ත ගම්වාසීන්ට අසපුවට  පැමිණිම තහනම් කිරීම, බණ ඇසිමට යන තරුණියන් මහණ කරවාගෙන භික්ෂූන් වහන්සේලා සිටින කුටි අසලම නවත්වාගෙන සිටීම, ගම්වාසීන් වසර හැටක් පමණ භාවිත කළ මාර්ගය වසා දැමීමට තැත් කිරීම, නීතිය ක්‍රියාත්මක කළ අහංගම පොලිස් ස්ථානධිපතිවරයාට එරෙහිව බලපෑම් කිරීම ඇතුළු චෝදනා රාශියක් පැවතිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ස්ථානයේ මත්ද්‍රව්‍ය සහ මත් කුඩු සමග   ජාවාරමක් සඳහා අනුබල දෙනු ලබන  බවට ද ප්‍රදේශවාසීන් තුළ සැකයක් ඇති වී ඇතැයි පැවසේ. අද අහංගමදී පැවතුනේ මෙම අසපුවට එරෙහිව ගම්වාසීන් දින කීපයක් පුරා දැක්වූ විරෝධතාවයේ පුපුරා යෑමකි.

Exit mobile version