අවුරුදු 2400 පැරණි පිරිසිදු වානේ වලින් සැදූ කිණිස්සක් රජරට පුරාවිද්‍යාඥයෝ සොයා ගනිති…

හමුවුනේ මෙගලිතික සොහොන් කැණීමකින්... අදත් භාවිත වන කිණිස්සත හැඩය ඒ අයුරින්ම....

Spear

රජරට විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ  අධ්‍ය්‍යනාංශය විසින් කරන ලද මෙගලිතික සුසාන කැණීමක දී  වසර 2400ක් පැරණි ශුද්ධ වානේවලින් නිර්මිත කිණිස්සක් සොයාගත හැකි වූ බව රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මාහාචාර්ය  ඩී.තුසිත මෙන්දිස් ලංකාසරට පැවසීය.

මෙම වානේ කිනිස්ස සොයා ගන්නේ පූර්ව ඓතිහාසික අවධියට අයත් කහටගස් දිගිලිය රත්මල්ගහවැව පාලිපොතාන මහා ශිලා සුසානයේ හමුවුණු දුර්ලභ සොහොනක සිදුකළ කැණීමකිනි.

පැතිගල් දෙකකින් පමණක් යුතු මෙවැනි සුසානයක් ලංකාවේ කැණීම් කළ මුල්ම අවස්ථාව මෙය බවත්, මේ සුසානයේ භෂ්මාවශේෂ සහිත මුට්ටිය සමග තඹ කූරු, ශිලා මෙවලම් හා මෙම වානේ කිණිස්ස තැන්පත් කර තිබී හමුවූ බව මහාචාර්යවරයා කීවේය.


සිදුකරන ලද  කාබන් කාල නිර්ණයට අනුව මෙම කිණිස්ස ක්‍රිස්තු පූර්ව 369 ට කාල නිර්ණය වූ බව  ඔහු පැවසුවේය.

“ මීට පෙර අපි අන්දරවැව කැණීමක් කළා. ඒ කැණීමේ දී නියන් තල දෙකක් හමුවුණා. එය කාල නිර්ණය කලාම ක්‍රිස්තුපූර්ව 500ක ඉතිහාසයට ගියා.  ආචාර්ය අර්ජුන් තන්ලගේ මේ සම්බන්ධව නිකුත් කළ විශ්ලේෂණ වාර්තාවෙ තිබුණෙ මේ නියන් තල ශුද්ධ වානේ වලින් නිර්මිතයි කියලා. මේ කිණිස්ස ශුද්ධ වානේ වලින් හැදූ නිසා තමයි මෙපමණ කල් ඛාදන නොවී මේ මට්ටමින් තිබෙන්නෙ. වැදගත් වෙන්නෙ මේ හැඩය. අදත්  මේ ආකාරයේ ආයුධයක මූලික හැඩය මෙයම තමයි. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහචාර්ය තුසිත මෙන්දිස් පෙන්වා දුන්නේය.

Exit mobile version