අවුරුද්දෙන් පස්සෙ නිරෝධායනයට ලෑස්ති වෙන්න… පී.එච්.අයි. මහත්වරු කියති…

සමන්තිකා වීරවර්ධන –                 

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමග සැලකිය යුතු පිරිසක්  නිරෝධායනයට ලක්කිරීමට සිදුවනු ඇතැයි   මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

කොවිඩ් වෛරසය  රටතුළ පවතින අවස්ථාවක බහුතර ජනතාව කටයුතු කරනුයේ ඒ ගැන කිසිදු තැකීමකින් තොරව යැයිද බස්රථ තුළ ගමන් ගන්නා ආකාරයෙන් හා භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳපොල වෙත යන ආකාරය  නිරීක්ෂණය කිරීමෙන් මේ බව තහවුරු වන්නේ යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ  සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇතැම් ප්‍රදේශයන් තුළ එම වෛරසය විවිධ වෙනස්කම්වලට ලක්ව නව ප්‍රභේදයන් මතුවෙමින් පවතින බවට පරික්ෂණ මගින් අනාවරණය වී තිබෙන මොහොතක රටේ බහුතර ජනතාව සෞඛ්‍ය උපදෙස් කිසිවක් පිළිනොපැදීම අනිවාර්යයෙන්ම රටතුළ  සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව තුන්වන කොවිඩ් රැල්ලක්  මතුවීම වළක්වා ගැනීම අසීරු වනු ඇතැයිද හෙතෙම පැවසීය..


Exit mobile version