අවිශ්කලාගේ අයි.සී.සී ක්‍රිකට් තහනම අගතිගාමී තීන්දුවක් බව තහවුරු වන ලකුණු

අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ

අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා හා දිල්හාර ලොකුහෙට්ටිගේ යන ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩා විශ්ලේෂක සනත් ජයසුන්දරගේ  ක්‍රිකට් තහනමක් පැනවීමට හේතු වූ, සාජා හි කෝටිපති ව්‍යාපාරික සාජි උල් මල්ක් විසින් වර්ෂ 2017 දී  පුද්ගලික තරගාවලියක් ලෙස සංවිධානය කළ,  ආන්දෝලනාත්මක ටී10 තරගාවලියට අයි.සී.සී.යේ ඇති සම්බන්ධතාවය පෙන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අසමත් වී ඇති ආකාරය වාර්තා වේ.

මේ හෙලිදරව්ව සිදුවන්නේ මෙම චෝදනා පිළිබඳ සෙවීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරියගේ සභාපතිත්වයෙන් පත් කළ ත්‍රි පුද්ගල කමිටුව පත් කිරීමත් සමගය.

චෝදනාවට ලක්ව සිටින පාර්ශවය වෙනුවෙන්  පෙනී සිටින අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුල පවසන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාල ටී.10 තරගාවලිය අයි.සී.සී.යේ මැදිවත්වීම සිදුව ඇත්තේ කෙසේ ද යන්න  මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් එමිරේට්ස්හි ක්‍රිකට් අතර ඇති සම්බන්ධය දැනගැනීමට උත්සාහ කළ ද වසරකට වැඩි කාලයක් එම තොරතුරු ලැබී නැති බවය.


දුරකථනය ඔස්සේ ක්‍රීඩකයන් සමග සම්බන්ධ වීම දිල්හාර ලොකු හෙට්ටිගේටත්, හිටපු ක්‍රීඩා ඇමති සමග වට්ස්ඇප් පණිවුඩ හුවමාරු කරගනැනීම ගැන සනත් ජයසුන්දරටත්, නුවන් සොයිසා හා අවිශ්ක ගුණවර්ධනට අයි.සී.සී. නීති සංග්‍රහයේ නීති සහ වගන්ති කැඩූ බවට නුවන් සොයිසාට සහ අවිශ්ක ගුණවර්ධනටත් චෝදනා එල්ල වුවත් මෙම ටී. 10 තරගාවලියේ දී අයි.සී.සීය කරන චෝදනා පදනම් විරහිත  සාක්ෂියකින් තොර එවා බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අයි.සී.සී.ය මෙම ක්‍රිකට් තහනම කර ඇත්තේ ඇත්තේ 2017 වසරේ පැවති ටී.10 තරගාවලියේදී මෙම පිරිස තරග ඔට්ටු දැමීම සම්බන්ධව කතා කර ඇතැයි කණ්ඩායමේම ක්‍රීඩකයෙක් කළ පැමිණිල්ලකට අනුව බව කියැවේ. ඔහු මේ කතාව ශ්‍රවනය වූ තවත් පුද්ගලයෙක් ලෙස සචිත්‍ර සේනානායක නම් කළත් තමන්ට එවැනි දෙයක් කිසිදාක ඇසුණේ නැතැයි සචිත්‍ර සේනානායක මණ්ඩලටය පවසා තිබේ.

Exit mobile version