අවසන් තරගයේ ශතකයක් ගහපු මහෙලත් හෙට විමර්ශන කමිටුව ඉදිරියට

mahela-jayawardhana

මහෙල ජයවර්ධන

ලෝකයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මයෙක් ලෙස ලෝක සම්භාවනාවට පත්, වර්ෂ 2011 ලෝක කුසලාසන අවසන් මහා තරගයේ දී ශතකයක් රැස් කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහෙල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත හෙට (03) උදේ 9.00ට කැඳවා තිබේ.

ඒ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කළ ප්‍රකාශයට අදාලව ක්‍රීඩා ඇමතිවරයාගේ නිර්දේශ පිට පවත්වනු ලබන ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් ඒකකය අරඹා ඇති විමර්ශනයට අදලා කට උත්තර ලබා දීම සඳහාය.

මෙම විමර්ශන කටයුත්ත වෙනුවෙන් මේ වනවිට එවකට තේරීම් කමිටුවේ සභාපති අරවින්ද සිල්වා, 2011 ලොක කුසලානය දිනූ කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග, කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මේ වනවිට සාක්ෂි ලබා දී අවසන්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුරා වසර නවයකට පසු මැතිවරණයක් ආසන්නයේ එක්වරම මහින්දානන්ද අලුත්ගමගේ කරන මෙම ප්‍රකාශය නිසා රට ලෝකය හමුවේ අපකීර්තියට පත්වනවා සේම ලෝක ඇගයීමට පත් විශිෂ්ට මිනිසුන් ලෝකය ඉදිරියෙ ගර්හාවට ලක් කරන බවට රට තුළම කථිකාවක් මතු වෙමින් තිබේ.

 

 

Exit mobile version