අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු සම්බන්ධීකාරක ප්‍රජාවෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය

නතාෂා නෙත්මිණි –                                    

දරුවන්ව අතිදක්ෂයින් කිරීම සඳහා උපකාරක පංතිවලට නොයවන්නැයි සෞඛ්‍ය අංශ  දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

බස්නාහිර පළාත හා හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශයන් හි උපකාරක පන්ති ලබන 25 වෙනිදා විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය අවසර ලබා දුන්නද කොවිඩ් අවදානම පහව ගොස් නොමැති බැවින් තම දරුවාව උපකාර පන්ති සඳහා යවන්නේ නම් දුර්වල විෂයන් සඳහා පමණක් යවන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු සම්බන්ධීකාරක ප්‍රජාවෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මිය සඳහන් කළාය.

පාසලක දරුවෙකුට යම් හෙයකින් කොවිඩ් වෛරසය ආසදනය වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් වන්නේ එම පාසලේම දරුවන් පමණක් බැවින් එය පාලනය කිරීම පහසු කටයුත්තක් වුවද උපකාරක පංතිය සඳහා පාසල් කීපයක දරුවන් එකම පංති කාමරයක් තුළ රැඳෙන බැවින් යම් හේතුවකින් එක් දරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වුවහොත් එය පාසල් කීපයක් පුරා පැතිර යාමේ බරපතල අවදානමක් මතුවන බව ඇය පෙන්වාදේ


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව උපකාර පංති දරුවන් සිය දෙනෙකු සඳහා පමණක් සීමා කර ඇත්තේ අවදානමක් ඇති වුවහොත් එය අවම කර ගැනීමේ අදහසින් යැයිද ඇය සඳහන් කළාය.

Exit mobile version