අවදානම් දිස්ත්‍රික්කවල ස්ථාපිත ස්වයංක්‍රීය වර්ෂාමාන 330න් 109ක් අක්‍රීයයි… විගණනය හෙළි කරයි…

ලලිත් චාමින්ද –

මෙරට අවදානම් දිස්ත්‍රික්ක 14ක ස්ථාපිත කොට ඇති ස්වයංක්‍රිය වර්ෂාමාන 330 අතුරින්  ඉකුත් වර්ෂයේ 2023 අගෝස්තු මාසය වන විට     වර්ෂාමාන 109ක් අක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

වර්ෂාමාන  ක්‍රියාවිරහිතවීම  හේතුවෙන්  නායයාම පිළිබඳ අනතුරු ඇඟවීම කල්තියා හඳුනාගැනීමට නොහැකි  තත්වයක් උදාවී  ඇති බව ද විගණනය මගින්  අනාවරණය කොට ඇත. 

මෙකී වර්ෂාමාන නඩත්තු කිරීමේ කටයුතු  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් විසින්  සිදුකරණ අතර  සීමිත නිලධාරින්  සංඛ්‍යාවක් සිටීම නිසා  දිස්ත්‍රික්ක 14ක ස්ථාපිත කොට තිබු  වර්ෂාමාන පද්ධති  නඩත්තු කිරීමේ ගැටලු පවතින බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

ස්වයංක්‍රිය වර්ෂාමානවල  අභ්‍යයන්තර උපාංග  නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා  මෙකී වර්ෂාමාන නිරන්තරයෙන් අක්‍රීයවිමට බලපා තිබුණි. එමෙන්ම ස්වයංක්‍රිය  වර්ෂාමාන පද්ධතිවල දත්ත සම්ප්‍රේෂණයට සිදුවන අවහිරතාවන්ද  නිවැරදි පුර්ව නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන  නිකුත් කිරීම කෙරෙහි  බලපැම් ඇතිකොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂාමාන පද්ධති 330ක් පැවතියද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම්  පර්යේෂණ හා අවදානම්  කළමණාකරණ අංශය විසින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ  හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය  හා සම්බන්දකර තිබුණේ  ස්වයංක්‍රිය වර්ෂාමාන පද්ධති 251 කින් ලැබෙන දත්ත  පමණක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

Exit mobile version