අවදානම් ගොඩනැගිලි සහිත ගෝතමී බලිකාවේ දරුවන් කුලී ගොඩනැගිල්ලකට  

අවදානම් ගොඩනැගිලි සහිත මහනුවර ගෝතමී බාලිකා විදුහලේ දරුවන් කුලී  පදනම මත ලබා ගත් ගොඩනැගිල්ලකට රැගෙන ගොස්  එකොළොස් වැනිදා සිට අධ්‍යාපනය ලබා දීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ  පැවසීය. 

ඉදිරි මාස තුන ඇතුළත ගෝතමී විදුහල් ගොඩනැගිල්ල යථා තත්ත්වයට  පත් කිරීමට අපේක්ෂිත බවත්   අවදානම් සහිත පාසල් ගොඩනැගිලි තමන්ගේ අධික්ෂණය යටතේ යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවත් කීය. 

ඒ සමග හඳුනා ගත් අවදානම් සහිත සෙසු ගොඩනැගිලි මහනුවර මහනගර සභාවේ මූලිකත්වයෙන් පත්කොට ඇති කමිටුවේ උපදෙස් මත යථා තත්ත්වයට පත් කරනු ඇතැයි ද හෙතම කියා සිටියේය. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනිද්දා( 11 ) පාසල් විවෘත කෙරෙන බැවින් අවදානම් සහිත ගොඩනැගිලි ඇති ගෝතමි විදුහලට දරුවන් ගෙන්වන්නේ කෙසේද යන්න මාධ්‍ය නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආණ්ඩුකාරවරයා මෙසේ කීය.     

Exit mobile version