අලුතින් පත් වූ තරු හතරේ ජනරාල්වරු ගැන ෆීල්ඩ් මාර්ෂල් කියූ කතාව…

කමල් ගුණරත්න තරු හතරේ ජනරාල් වූයේ දේශපාලන පත්වීමක් ලෙස වුවද ද ශවේන්ද්‍ර සිල්වා ජෙනරාල් ධුරයට උසස් කිරීම සාධාරණ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කීවේය. ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.

තමන් පාර්ලිමේන්තුවෙදිත්, ආරක්ෂක අමාත්‍යාංශය ගැන විවාදයේ දීත් හමුදාපතිවරු තරු හතරෙ නිලයට උසස් කළ යුතු බවට යෝජනා කළ බවත් එවිට හමුදා ආඥාපතිවරු තරු තුනේ නිලයට රැගෙන එන්න හැකි වීම ඉතා යහපත් බව ෆීල්ඩ් මාර්ෂල්වරයා කීවේය.

“ නමුත් කමල් ගුණරත්න තරු හතරේ ජනරාල් තරනතුරට උසස් කිරීම දේශපාලන උසස් කිරීමක්. මේ රටේ එහෙම දේවල් වෙලා තියනවා. දේශපාලන පත්වීම් ලබාගෙන මේජර් ජනරාල් හැටියට විශ්‍රාම ගියපු විශාල පිරිසක් ඉන්නවා. කමල් ගුණරත්නට දුන්නෙ දේශපාලන උසස් වීමක්“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“නමුත් මට මතකයි එයා පහුගිය කාලෙ මහ මැතිවරණයට කලින් වේදිකාවෙ කිව්වා ජෙනරල් ෆොන්සේකා තමයි යුද බිමේ හිටිය විශිෂ්ටම ජනරල්. නමුත් ෆීල්ඩ් මාර්ෂල් ගැන නෙමෙයි මම මේ කියන්නෙ කියලා. එයාගෙ මානසිකත්වයට ගිහින් කියනවා නම් මටත් කියන්න පුලුවන් එයා හිටිය විශිෂ්ට තරු දෙකේ ජෙනරල් කෙනෙක්. ඒත් තරු හතරෙ ජනරාල් ගැන කතා කරන්නෙ කියලා.. නමුත් ඒ මට්ටමට ගිහින් අපහාස කරන මානසිත්වයට මම වැටෙන්නෙ නෑ… “

Exit mobile version