අලුත් කැබිනට්ටුව මුල්වරට බදාදා රැස්වෙයි

නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීම ලබන බදාදා (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි.

රටේ ඉදිරි ගමන්මග සම්බන්ධව තීරණාත්මක කරුණු රැසක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කොට තීරණවලට එළඹීමට නියමිතව ඇති බව නව කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ජේෂ්ඨ ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනය අහෝසි කිරීම, ඉදිරි මාස පහ වෙනුවෙන් අයවැය ලේඛනයක් ගෙන එනවා ද? එසේත් නැතිනම් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවාද යන්න පිළිබඳවත් මෙහිදී තීරණය කරන බව එම ඇමැතිවරයා පැවැසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල නීතිමය ප්‍රශ්න නිරාකරණය කරගැනීම, කොරෝනා මර්දනය වෙනුවෙන් ගන්නා පියවර හා ආර්ථික අර්බුදයට ලබාගත හැකි කඩිනම් විසඳුම් පිළිබඳවත් ඇමති තනතුරු ලබාදීමේදී මතුව තිබෙන ගැටලු සහගත තත්ත්වය පිළිබඳව බදාදා පැවැත්වෙන මංගල කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කොට තීන්දු තීරණවලට එළඹීමට නියමිත බව එම ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

Exit mobile version