අලුත් ඇමතිකම සරත් වීරසේකරට දෙනවාට විමල්-උදය විරුද්ධ වෙති

අලුතින් ස්ථාපනය කරන ලද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍යවරයා ලෙස අද්මිරාල් සරත් වීරසේකර මහතා පත් කිරීම පිළිබඳව අවධානය යොමු වූ අවස්ථාවේදී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඔහු පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

එම අමාත්‍යවරුන් දෙපල මේ සම්බන්ධයෙන් ජනපති හා අගමැති හමුවී විරෝධතාවය පළ කර තිබුණද අද්මිරාල් වීරසේකර මහතා එම මහජන ආරක්ෂාව පිළිබඳ අමාකයවරයා ලෙස පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ මෑතක දී පිහිටවූ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව යන ආයතන අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ පැවති අතර පසුගියදා ගැසට් මගින් එය වෙනම අමාත්‍යාංශයක් යටතට පත් කොට තිබුණි.


මෙම අමාත්‍ය ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වී තිබුණ නමුත් ඒ සඳහා බොහෝ දෙනෙක් කැමැත්ත පළකර ඇත්තේ සරත් වීරසේකර මහතාට එම ධුරය ලැබීම පිළිබඳවය.

එහෙත් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් එම තනතුර වීරකුමාර දිසානායකට හෝ විමලවීර දිසානායකට ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ආරක්ෂාව පිළිබඳ අත්දැකීම් ඇති සරත් වීරසේකර මහතා මේ සඳහා පත් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර ඇති අතර ඒ අනුව මෙම සතිය තුළ සරත් වීරසේකර මහතා එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය

Exit mobile version