අලුත් අවුරුද්දට යළිත් දෙදාහේ නෝට්ටුවක්

2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු අතරට නැවතත් රුපියල් 2000 නෝට්ටුවක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පසුගියදා මහබැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2021 පෙර දැක්ම යටතේ එම කරුණ සඳහන් කර ඇත.

දැනට පවතින 11 වන නෝට්ටු මාලාවේ කොටසක් ලෙස වැඩිදියුණු කරන ලද ආරක්ෂණ සලකුණු සහිත රුපියල් දෙදහසේ මුදල් නෝට්ටුවක් මේ අනුව එළිදැක්වීමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව හදිසි අවස්ථාවලදී භාවිත කිරීම සඳහා මුදල් තොග නඩත්තු කිරීම ශක්තිමත් කිරීම සඳහා මුදල් නෝට්ටු සහ කාසි තොගයෙන් කොටසක් මහ බැංකු ප්‍රධාන කාර්යාලයේ සිට බස්නාහිර පළාතෙන් පිටත අලුතින් පිහිටුවන ලද අවිනිශ්චිත අවශ්‍යතා සඳහා වන මුදල් සුරක්ෂතාගාර වෙත මාරු කිරීමටද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන බව එම වාර්තාවේ දැක්වේ.

Exit mobile version