අලුත් අමාත්‍යංශ දෙකක්! එකක් ධම්මික පෙරේරාට !

Dhammika Perera

තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම නමින් නව අමාතයංශ දෙකක් පිහිටුවන බව ජනාධිපතිවරයා විසින් ඇති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය මඟින් අදාළ අමාත්‍යංශ දෙක සදහා දක්වා ඇති විෂය පථයන් සහ ආයතන අනුව තොරතුරු තාක්ෂණ සහ ආයෝජන පුවර්ධන අමාත්‍යංශය යටතට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, වරාය නගර කොමිෂන් සභාව, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රි ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය, නෙළුම් කුළුණ සම්බන්ධ කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් සමාගම ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන 15ක් ගැසට් කොට ඇත. ආර්ථිකය සහ ආයෝජන සම්බන්ධ තීරණාත්මක ආයතන ගණනාවක් ඇතුළත් මෙම නව අමාත්‍යංශය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවට පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයකු බවට පත් කිරීමට නියමිත ප්‍රබල ව්‍යාපාර නායකයකු වන ධම්මික පෙරේරාට ලබා දීමට විය යුතු බවට දේශපාලන මත දරන්නෝ පවසති. ධම්මික පෙරේරා මහතා මේ වනවිට එම මන්ත්‍රි ධුරය ලබා ගැනීමට කැමත්තෙන් පසුවන අතර ඔහු ආර්ථිකය සම්බන්ධ අමත්‍යංශ වගකීමක් ද දැරීමට බලාලොරොත්තු වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව ගැසට් කොට ඇති ළමා කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමෙ අමාත්‍ය ධුරයද බෙහෝ විට විපක්ෂයෙන් ආණ්ඩුවට එක් වීමට සිටින මන්ත්‍රිවරියක ඉලක්ක කරගෙන නිර්මාණය කරන ලද එකක් බවටද තහවුරු කර නොගත් ආරංචි මාර්ගයක් ලංකාසරට ප්‍රකාශ කළේය. මෙම මන්ත්‍රිවරිය පසුගිය කාලය තුළ රජයේ ප්‍රධානීන් සමඟ සාකචඡා වට කිහිපියක් පැවත්වීම පසුබිම් කරගෙන එම ආරංචි මාර්ග මෙසේ ලංකාසර ට සඳහන් කළේය.


Exit mobile version