අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

කොවිඩ් ආසාදනය වූ එංගලන්ත ක්‍රීඩක මොයින් අලී ශ්‍රී ලංකාව සමග  ලබන 14 වැනිදා ආරම්භවන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අදහසින් නිරෝධායනයවන බව  එංගන්ත කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය. මොයින් අලි මේ වන විටත් ගාල්ලට ගෙන්වා නිරෝධානය කර තිබේ.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ කරන ලද කෝවිඞ් 19 පරීක්ෂණ වලින් අනතුරුව මොයින් අලීට කොවිඩ් ආසාoනය වී ඇති බව තහවුරු විය. දෙරට අතර ටෙස්ට් තරග දෙකම ගාල්ලේදී පැවැත්වේ.

අනතුරව කණ්ඩායම කොවිඩ් පරීක්ෂණයකට ලක් කළ අතර එහි දී කිවෙකුට කොවිඩ් ආසාදනය වී නැති බව තහවුරු වීම නිසා එංගලන්ත කණ්ඩායම  Bfha ( 6 ) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙරටට පැමිණීමෙන් පසුව පළමු පුහුණුව ආරම්භ කළේය. කෙවිඩ් ආසාදනය වී නැති බව තහවුරු වුවත් මොයින් අලිගේ පළමු ආශ්‍රිතයා ලෙස හඳුනාගෙන ඇති ක්‍රිස් වොක්ස් තවදුරටත් නිරෝධායනය කර ඇති බව  වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකුටද කෝවිඞ් 19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද වසා දමා තිබේ. නමුත් ක්‍රිකට් සභාපතිවරයාගේ උපදෙස් මත සියලු රාජකාරී කටයුතු ක්‍රමවත්ව කරන   අනාවරණය විය.

Exit mobile version