අලි සබ්‍රි රහීම් රේගුවෙන් පන්නන් හැදූ කෝටි හත හමාරක රත්තරන් සහ ස්මාර්ට් දුරකථන රාජසන්තකයි… ලක්ෂ 75ක් දඩ ගසයි!

කීර්ති ප්‍රනාන්දු –

ස්වකීය ප්‍රභූ වරප්‍රසාද භාවිතා කරමින් ගුවන්තොටුපල රේගුවේ ඇස් වසා රත්තරන් කිලෝ 3.5ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 91 පන්නනට හැදූ   පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ගේ එම නිති විරෝධී රත්තරන් තොගය සහ ස්මාර්ට් ජංගම දුරකථන 91 ඇතුළු  කෝටි හතකට අධික වත්කම් ප්‍රමාණය රාජසන්තක කර මන්ත්‍රීවරයා  රුපියල් ලක්ෂ හැත්තෑපහක දඩයකට යටත් කර තිබේ.  

මෙම   නීතිවිරෝධී රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳව රේගුව දියත් කළ  විධිමත් රේගු පරීක්ෂණය අද (24) න අලුයම 04.00 ට පමණ නිමා වී තිබූ බව රේගු ආරංචි මාර්ග පැවසීය .
මන්ත්‍රීවරයා මෙම දඩ මුදල අද (24)  දින අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ .
මෙම  විධිමත් රේගු පරීක්ෂණය රේගු ආදායම් සංරක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.පී.පී.ප්‍රේමරත්න   විසින් පවත්වා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ , රන් බිස්කට් , ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර , මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

Exit mobile version