අලි සබ්රිගේ හැසිරීම ගැන අස්ගිරියෙන් ජනපතිට පැමිණිල්ලක්

ජාතිවාදී ස්වරයෙන් දැඩි මතවාදයක සිට ඇතැම් අදහස් ප්‍රකාශ කරන අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවූයේ මුස්ලිම් ජනතාව නිසා නොව සිංහල බෞද්ධ බහුතර ජනතාව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය නිසා බවත් රටේ ජනතාව විශාල ජන වරමක් ලබා දුන්නේ රටේ අනාගතය සම්බන්ධ නිවැරදි තීරණ තීන්දු ගැනීමට බවත් අස්ගිරි පාර්ශ්වයේ නායකත්වය දරන භික්ෂූන් වහන්සේලා පසුගියදා මහනුවර පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසා ඇත.

පසුගියදා මහනුවර පැමිණි ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා දළඳා සමිඳුන් වැඳ පසුව අස්ගිරි මහා විහාරයට ගිය අවස්ථාවේ මෙම ස්වාමීන් වහන්සේ ලා ජනාධිපතිවරයා වෙත මේ බව ප්‍රකාශ කර ඇත.

කොවිඩ් වෛරසය ආසාදනය වූ මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය සම්බන්ධ ප්‍රශ්නයේදී මෙම අමාත්‍යවරයා දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.


පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේ දී ද මෙරට අතිමහත් සිංහල බහුතරය ලබා ගත් ඡන්දවලින් මෙම ආණ්ඩුව පත් වූ බවත් ජාතික ලයිස්තුව යටතේ මන්ත්‍රිවරුන් මේ තරම් ප්‍රමාණයක් ලබාගැනීමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ මෙම ඡන්ද නිසා බව පෙන්වාදුන් මෙම භික්ෂූන් වහන්සේ මෙම විශාල ඡන්ද මත ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයකින් පාර්ලිමේන්තුවට පැමිණි අමාත්‍යවරයා අද ජාතීන් අතර බෙදීමක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවට ජනාධිතිවරයා හමුවේ චෝදනා කර ඇති වාර්තා වේ.

අලි සබ්රි මහතාට අධිකරණ අමාත්‍ය තනතුර ලබා දීම සම්බන්ධයෙන් තමන් කිසිදු විරෝධයක් නැතත් මේ ආකාරයෙන් කටයුතු කරමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් උන් වහන්සේ ජනාධිපතිවරයා හමුවේ නොසතුට පළ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගියදා ජනාධිපති මන්දිරයේදී පැවැති බෞද්ධ උපදේශක කාරක සභාවේදී ද මේ සම්බන්ධයෙන් අදහස් මතුව තිබේ.

Exit mobile version