අලින්ට ආලය කරන අමෙරිකානු ගායිකාවගෙන් ශ්‍රී ලංකාවට කනේ පහරක්

ලොව වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්ෂිකව මෙරටින් වාර්තා වන බව අනාවරණය වීමෙන් පසුව ඇමරිකානු ගායක චෙ(ර්) ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. “ශ්‍රී ලංකාව (sic) ඉතා ආඩම්බර විය යුතුයි” ඇය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.

පකිස්ථාන සත්වෝද්‍යානය දශක තුනකට ආසන්න කාලයක් හුදෙකලා ජීවිතයක් ගත කළ ශ්‍රී ලාංකික අලියා කාවන් නිදහස් කර ගැනීමට චර් ද දායක විය.

පසුව කාවන් බේරාගෙන කාම්බෝජයේ අලි අභය භූමියකට යවනු ලැබීය. කාවන් 2012 දී ඔහුගේ සහකරු සහලි මිය යාමෙන් පසු ‘ලෝකයේ තනිම අලියා’ ලෙස හැදින්විය.


කාවන් ශ්‍රී ලංකා රජය විසින් 1985 දී පාකිස්තානයට තෑගි කරන ලදී.

අලිමිනිස් ගැටුම හේතුවෙන් ලොව වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ වාර්තා වන බව මේ සතිය මුලදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට (කෝපා) දැනුම් දෙන ලදී.

ශ්‍රී ලංකාවේ වසරකට සාමාන්‍යයෙන් අලි 272 ක් මියගොස් ඇති බව අනාවරණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිනිස් අලි ගැටුම හේතුවෙන් ලංකාවේ පසුගිය වසරේ පමණක් අලි 407 ක් මියගොස් තිබේ.

Exit mobile version