අරුමගම්බේ දී යළිත් විදේශ කතකට ලිංගික අපරාධයක්…

නැවත නැවතත් විදේශික කාන්තාවන් දූෂණය වුනත් අපරාධ නවත්වන්න වැඩපිළිවෙළක් නෑ....

www.mmsvision.com

සුසන්ත අමරබන්දු –

පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ ආරුගම්බ ආප්ත මූණ රක්ෂිත ප්‍රදේශයදි 27 වන දින උදෑසන 36 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවකට පුද්ගලයින් දෙදෙනෙකු විසින් ලිංගික  අපරාධයක් කරන ලදැයි ඇය විසින් පොතුවිල  පොලිසියට පැමිණිලි කර තිබේ.

ඇය රුසියාවේ මොස්කව් නුවර පදිංචි කාරියකි. මේ වන විට අරුගම්බේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටිත අතර ඇය උදැසන ඇවිදින්නට යන අතරවාරයේ මෙම අතවරය සිදුව ඇතැයි පැවසේ.


ඇය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා පොතුවිල රෝහලට ඇතුළත්ව ඇත. අනතුරුව  වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහල මාරු කර යවා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධ සැකකරුවන් දෙදෙනා පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කටයුතු කරමින් ඇත.

මීට මාස කිහිපයකට පෙරද විදේශීය කතුන් දෙදෙනෙකුට අරුගම්බ මුහුදු තීරයේදී අතවර කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකඅගේ මඟ පෙන්වීමෙන් පොතුවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු  නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

Exit mobile version