අර්බුදයෙන් මිරිකුණු පවුල්වලට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 167ක්

ආධාරය බෙදෙන හැටි ආණ්ඩුව කියයි

world bank

පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ලෝක බැංකුවෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 167ක් අඩු ආදායම් ලබන ආර්ථික අපහසුතා සහිත පවුල් ඒකක මිලියන 3.3ක් අතරේ මාස තුනක් සඳහා අමතර ආධාර ලබා දීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට රජයේ සහනාධාර ලබන සමෘද්ධි ලාභීන් ඇතුළු සියලු දෙනාටත් එම ආධාර ඉල්ලීම් මෙම පොරොත්තු ලේඛනවල සිටින ජනතාවටත් සහන සැලසීම සඳහා පියවර ගෙන ඇති බව අමත්‍යවරයා අද සඳහන් කළේ කැබිනට් මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

අමාතයවරයාට අනුව මේ වවිට රුපියල් රුපියල් 300ක් ලෙස ලබා දෙන වැඩිහිටි දීමනාව දීමනා 5000ක් දක්වා වැඩි කිරීමටත් වසර සියයට වඩා වැඩිජ්‍යෙෂ්ඨ පුරවැසයන්ට ලබා දෙන 5000 ක දීමනාවට තවත් රුපියල් 2500ක එකු ිරීමට පියවර ගෙන ඇති අතර මෙම දීමනා සඳහා පොරොත්තු ලේඛනයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටද 5000ක දීමනාවක් ලබා දීමට පියවර ගෙන ඇත. එමෙනම් දැනට ලබා දෙන රුපියල් 5000ක ආබාධිත දීමනාව 7500ක් දක්වා වැඩි කිරීමටද පියවර ගෙන ඇත. මේ දීමනාව සඳහා පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන් සඳහාද ඉදිරි මාස තුනක කාලයක් සඳහා රු5000ක් ලබා දීමට පියවර ගෙන ඇත. දැනට රුපියල් 5000ක් ලෙස ලැබෙන වකුගඩු රෝගි දීමනාව රු7500ක් දක්වා වැඩි කිරීමටද පියවර ගෙන ඇති අතර වකුගඩු රෝග ආධාර වෙනුවෙන් පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන්ටද රුපියල් 5000ක දීමනාවක් හිමිවනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමෘද්ධි දීමනාව ද ප්‍රධාන කාණ්ඩ තුනකට අමතර දීමනාව රුපියල් 1900ක් සමෘද්ධි දීමනාවක් ලබන පුද්ගලයන්ට අමතර රුපියල් 3100ක් ද 3200ක් ලබන පුද්ගලයන්ට රුපියල් 3100ක් අමතරවද රුපියල් 4500 ලබන සමෘද්දී ලාබීන්ට අමතර 3000 ක් ද ලැපෙන අතර මේ වනවිට සමෘද්ධී හිමිකම ඉලලා සිටින වුල ලකෂ 7ක් සඳහා ද ඉදිරි මාස තුනක කාලයක් සඳහා රුපියල් 5000ක් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version