අරලිය ගහ මන්දිරයේ ගේට්ටු බිඳ පිරිසක් ඇතුළු වෙති!

කොළඹ අගමැති නිල නිවස වන අරලිය ගහ මන්දිරයේ ගේට්ටු කිහිපයක් කඩා බිඳ දමමින් ප්‍රකෝපකාරී පිරිසක් එම පරිශ්‍රයට ඇතුළු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අරලියගහ මන්දිරය තුළද මේ වනවිට විශාල පිරිසක් රැඳී සිටින අතර බාහිරින්ද පිරිසක් ඇතුළු වී ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක හමුදා කටයුතු කරන බව සදහන් වේ.

මේ ආසන්නයේ නවතා තිබූ බස් රථ කිහිපයකටද මෙම පිරිස් විසින් ගිනි තබනු ලැබ ඇත අතර තවත් මහජන නියෝජිතයන් ගණනාවකගේ නිවාස දෙපළ ගිනිබත් කිරීම් වාර්තා වේ. මෙ අතරට එක්වූ නවතම ආරංචිය වූයේ රාජපක්ෂ පවුලේ උරුමයක් වන් මැදමුලන නිවස එම පුදේශයේ ප්‍රකෝපකාරී ජනතාව විසින් ගිනි තබනු ලැබීමය. ඊට අමරව අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ ආරච්චිකට්ටුව නිවසද ප්‍රකෝපකාරීකාරීන් විසින් ගනි තබනු ලැබ ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



Exit mobile version