අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

පසුගිය මැයි මස 09 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ආධාරකරුවන් පිරිසක් විසින් ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂණයේ නිරත පිරිසට කළ පහර දීමේ සිදුවීමෙන් මුළු රට තුළ හටගත් නොසන්සුන්තාව සහ එයින් ඇති වු විනාශයන් හේතුවෙන් රජයට අයත් රක්ෂණ ආයතනයවන ජාතික රක්ෂණ භාර අරමුදලට රුපියල් කෝටි සියයක පමණ අලාභයක් සිදුව ඇතැයි ෆිච් රේටිංන්ග් ආයතනය සිය වාර්තාවකින් පෙන්වා දී ඇත.

මෙම සිදුවීම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඇතුළු පුද්ගලයන් දස දෙනකු මිය ගිය අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ගණනාවකගේ දේපළ විනාශ විය.

ගැටුම් කළකොලාහල සඳහා වන්දි ලබා දිමේදී රජයේ රක්ෂිතයාවන ජාතික රක්ෂණ භාර අරමුදලට  මීට අදාළ රක්ෂණ වන්දි ගෙවීමට සිදුවන අතර මේ තත්ත්වය හේතුවෙන් එම අරමුදලට රුපියල් කෝටි 100කට පමණ අලාභයක් සිදුව ඇති අතර  ෆිච් රේටින්ග්ස් ආයතනය සිය අධ්‍යයන මඟින් හෙළි කරගෙන ඇත.

වැඩ වර්ජන, කැරලි කෝලාහල, සිවිල් කලබල සහ ත්‍රස්තවාදී ආවරණය (SRCCT) දිවයිනටම  සපයන්නේ  රජය සතු මෙම  ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය (NITFB) යි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැරලිවලින් සිදුව ඇති පාඩුව ඇතැම් විට රුපියල් බිලියනය එනම් කොටි 100ද ඉක්මවිය හැකි වුවද මෙම අරමුදල ට රුපියල් බිලියනයේ සීමාවෙන් එහා ගෙවන්නට සිදුවන රක්ෂණ වන්දි සඳහා ප්‍රතිරක්ෂණය කර ඇති බැවින් බිලියන 10ක් දක්වා වන හානි එමගින් පූරණය කළ හැකි වනු ඇත.

Exit mobile version