අරගලයේ ප්‍රධාන භූමිකාවක් කළ පෙරටුගාමීන්ගේ කාර්යාලයට පොලිස් කණ්ඩායම් 02ක් කඩා වදී…

පොහොට්ටුවන්ව පුබුදු කරන්න මානසික මෙහෙයුමක් පටන් අරන් - දුමින්ද නාගමුව කියයි....

ජන අරගය වෙනුවෙන් විශාල භූමිකාවක් නිර්මාණය කළ පෙරටුගාමී සමාජවාදී  පක්ෂයේ  නුගේගොඩ පිහිටි   පක්ෂක කාර්යාලය හදිසි සෝදිසි කිරීමකට ලක් කිරීමට  පොලිසිය අද (29) උදෑසන කටයුතු කළේය.

මේ සම්බන්ධව ප්‍රකාශයක් කළ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කීාවේ පොලිසියේ නිල ඇඳුමින් යුතු නිලධාරියෙක් සමග පැමිණි සිවිල් ඇඳගත් පුද්ගලයින් දස කෙනෙක් පමණ අද උදේ 7.30ට පමණ සිය කාර්යාලයට කඩා වැදුණු බවය.

අපේ කිසිම අනුමැතියකින් සර්ච් වොනට් එ‍කක්වත් පෙන්වන්නෙ නැතිව කාර්යාලයේ අස්සක් මුල්ලක් නෑර සොයන්න ගත්තා. අපි ඇහුවා ඔවුන්ගෙන් ඔය ගොල්ල මොන පොලිසියෙද කියලා. පොලිසියවත් කිව්වෙ නෑ.


ඒ සිදුවීම වෙලා ස්වල්ප වෙලාවකට පස්සෙ  තිහක විතර පොලිස් කණ්ඩායමක් කඩා වැදුනා. ඔවුන්ගෙන් විමසුවා මොකක්ද මේකෙ තේරුම. මීට කලින් කණ්ඩායමක් ආවා. ඔවුන් කවුද කියලා.

“ඒ ආපු අය ගැන දැනන් හිටියානෙ නෑ කියල. අපි ඔවුන්ගෙන් ඇහුවා සර්ච් වොරන්ට් එකක් තියනව ද කියලා. ඔවුන් එය පේනනුවා. එහි තිබුණෙ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිකුත් කළ වොරන්ට් එකක්. ඔවුනුත් ඇවිත් මේ පරිශ්‍රය පරීක්ෂා කළා.“

“වසන්ත මුදලිගේට නිකුත් කළ සර්ච් වොරන්ට් එකක් හොයාගන අපේ පක්ෂ කාර්යාලයට එන්න උවමනාවක් නෑ. ඔවුන් මානසික මෙහෙයුමක් යනවා අරගකරුවන්ට වෙන්නෙ මේකයි කියන දේ පෙන්වන්න.“

“පොහොට්ටුවට අවශ්‍යයයි ඔවුන්ගෙ දුර්මුඛ වෙලා ඉන්න බිම් මට්ටම අවදි කරනෙ ඊලඟ ඡන්දයකට යන්න අවශ්‍ය ක්‍රියාවලිය හදාගන්න. ඔවුන් ආරක්ෂක අංශ යොදාගෙන රට පුරා භීෂණයක් වපුරනවා.“

“අද නිවුස් බෙල්ට් එකට මේක ඕන. ‘

“ආයුද සන්නද්ධ අරගලයක් ගැන දැන් කතාවක් යනවා. අද ඇවිත්  සියලුම දෙනාගෙ නම් ලියාගත්තා. වීඩියෝ කරගත්තා. ඒ අය හදාගෙන යන පිටපතට අනුව වැඩ කරන්නෙ. මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ඉතිහාසය ගැන අපි දන්නවා. කුඩු පැකට් දාලා ආයුධ දාලා තරුණයින් අත්අඩංගුවට ගත් ඉතිහාසයක් අපට තියනවා. “

“දැන් එයාලට අවශය නම් ආයුධයක් දාලා මේ සියලු දෙනා අත්අඩංගුවට ගන්න පුලුවන්.  මේ පිටපත    ගැන ජනතාව අවධියෙන් ඉන්න කියලා   අපි ඉල්ලා සිටිනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version