අරගලයට සහය දුන්  කැලණිය විශ්විද්‍යාලයේ චීන භාෂාව පිළිබඳ මහාචාර්ය හැඳලගමුවේ ධම්මදින්න හිමියන් අත්අඩංගුවට ගැනීමට සැරසෙයි…

hendalagamuwe-Dhammadinna

කීර්ති ප්‍රනාන්දු  –

පසුගිය මැයි 09 අපරාධයට සම්බන්ධ අරගලකරුවන්ට පක්ෂව සිය මතවාද ප්‍රකාශයට පත්කළ කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ චීන භාෂාව පිළිබඳ මහාචාර්ය පූජ්‍ය හැඳලගමුවේ ධම්මදින්න හිමියන් චෝදනා හතක් යටතේ  අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වේ.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ මහාචාර්ය ධම්මදින්න හිමියන්ට මේ පොලිසියට භාර වන ලෙස මේ වනවිට දැනුම් දී ඇති බවත් එසේ භාර නොවන්නේ නම් බලය යොදවා ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් බවත්ය.

මැයි 09 දා රාත්‍රියේ ගිනි තැබූ සිය නිවස ගිනි තැබූ අවස්ථාවේ ඒ පසුපස හිමිනමක් සහ පූජකවරයෙක් සිටි බවට ඇමති ප්‍රසන්න රණතුංග ගිනිගත් නිවස බැලීමට පැමිණ මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

ධම්මදින්න හිමියන් අත්අඩංගුවට ගැනිමට සූදානම් වන්නේ මේ ප්‍රකාශය පදනම් කරගෙන චෝදනා ගොනු කිරීමකින් විය හැකි බව   ප්‍රදේශවාසී දායක පිරිස් පවසති.


පොලිසිය පවසා ඇත්තේ නායක හිමියන්ට සෙනසුරාදා භාරවන ලෙසය. නොඑසේනම් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය.

මේ පිළිබඳව අප කළ විමසීමක දී මහාචාර්ය හැඳලගමුවේ ධම්මදින්න හිමියන් ප්‍රකාශ කළේ තමන්ට චෝදනා හතක් එල්ල වී ඇති බව පොලිසිය කීවත් එම චෝදනා මොනවාදැයි නොදන්න බවත්, රටේ නීතියට මහහැර යෑමට කිසිම අවශ්‍යතාවයක් තමන්වහන්සේට නොමැති බවත්ය. නීතිඥ උපදෙස් මත ලබන සඳුදා තමන්වහන්සේ අධිකරණයට බාර වන බව උන්වහන්සේ කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහාචාර්ය හැඳලගමුවේ ධම්මදින්න හිමියන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමට විරෝධය පලකරමින් මිනුවන්ගොඩ ඔරලෝසු කණු ඉදිරිපිට අද (26) සවස විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

Exit mobile version