අරගලකරුවන්ට තේ පැන් දී ප්‍රකාශ සටහන් කරගත් පොලිසියේ වෙස් විනිසුරුතුමා ඉදිරිපිට දි කණපිට පෙරළුනා..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අරගලයේ සහෝදරයින් වෙනුවෙන් පෙනී සිටින බවත් කිසිවෙකුට පාරට බැස අරගල කිරීමට බිය නොවන ලෙසත් අරගල භූමියේදී මාධ්‍ය ඇමතූ නීතිඥ  මනෝජ් නානායක්කාර  පැවසීය.

රජය, පොලීසිය පාවිච්චි කරමින් අරගලකරුවන්ට විරුද්ධව ක්‍රියා කරන අතර එම පාවිච්චි වීම තුළ කෙලසෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය බව ද ඔහු සඳහන් කළේය.

පොදු දේපළ හානි කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුව ගත් අරගලකරුවන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් ඔවුන් වෙනුවෙන් නීතිඥ සංගමය පෙනී සිටින බවත් ඔහු පැවසීය.

අත්අඩංගුවට ගත් අරගලකරුවන් කොටුව පොලීසියට ගෙනෙනු  ඇතැයි නීතිඥවරුන් එහි රැඳී සිටියත් පොලිස් ස්ථානයේ ඉඩ නැති බව පවසා මරදාන පොලීසිය පැමිණෙන්න යැයි නීතීඥවරුන්ට පවසා ඇත.


මරදාන පොලිස් ස්ථානයේදී අරගලකරුවන්ගෙන් නිළධාරීන් තිදෙනෙකු ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පොලිස් නිලධාරීන් අරගලකරුවන්ට සේම නීතීඥවරුන්ට ද බිස්කට් කේක් ආදියෙන් සංග්‍රහ කරමින් සුහදශීලි ලෙස කටයුතු කළ බවත්,  පොලිසිය දේපළ හානි අලාභය  ලෙස ඒහිදී සඳහන් කර ඇත්තේ රුපියල්  67000ක්  බවත් නීතිඥවරයා කීවේය .

“මරදාන පොලිසියේදී ප්‍රකාශ සටහන් කර ගත්තට පස්සේ අත්අඩංගුවට ගත් තරුණයින් හය දෙනාව විනිසුරුවරයාගේ  නිවසට එක්ක ගියා. පොලිසියේදී සුහද මුහුණ පෙන්වූ නිළධාරීන් එකපාරටම කිව්වා විමර්ශන කටයුතුවලට බාධා කළා කියලා. ඡායාරූප ගන්න, ඇඟිලි සලකුණු ගන්න ඉඩ දුන්නේ නෑ කිව්වා.. අපි ඇහුවා කොහොමද එහෙම කියනනේ ඔයාලා ෆොටෝස් ගත්තනේ කියලා.. “

“ ඒ වගේම පොලිසියේදී 67000ක්  වුණු දේපළ අලාභය විනිසුරුවරයා ළඟයට යනවිට රුපියල් එක් ලක්ෂ හැටහත්දාහක් වෙනකම් වැඩි වෙලත් තිබ්බා.. එහෙම දේපළ අලාභහානි දඩ මුදල ඉහළ ගියා කියලා අපි දන්නෙත් නෑ.““

“ඒ විතරක් නෙමෙයි පාරේ සුදු ඉරිවල ඇන්දා කියන අත් සටහන් පා සටහන්වලින් තුන්කාලක්ම දැනටත් මැකිලා ඉවරයි.. අන්න ඒ තීන්ත ටිකට තමයි ලක්ෂෙකට වැඩි මුදලක් දාලා තියෙන්නේ..”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version