අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

ගෝල්ෆේස් සහ අරලියගහමන්දිරය ඉදිරිපිට සාමකාමී අරගලකරුවන්ට පහර දී රටේම භීෂණයක් නිර්මාණය කිරීමේ චෝදනා පිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මැයි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අදනියෝග කළේය. 

මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සවස (17) අත්අඩංගුවට ගනු ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව  සහ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගි කරවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් වරයාට නියෝග කළේය

Exit mobile version