අරක්කු බියර් මිල වැඩිවෙන්නේ මෙහෙමයි… සුරාබදු දෙපාර්තමේන්තුව කියයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංශෝධිත අරක්කු සහ බියර් මිල ගණන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව දේශීයව නිශ්පාදිත විශේෂ අරක්කු ලීටරයක් සඳහා නිශ්පාදිත බද්ද රුපියල් 4180 දක්වා සංශෝධනය කර තිබේ. ඒ අනුව විශේෂ මත්පැන් ලීටරයක් රුපියල් 380කින් ඉහළ ගොස් ඇත.

දේශීයව නිශ්පාදිත පොල් අරක්කු ලීටරයක නිශ්පාදිත බද්ද 4460ක් දක්වා ඉහළ නන්වා තිබේ. පොල් අරක්කු ලීටරයක් 410කින් ඉහළ නන්වා ඇත.

මෙරට නිශ්පාදිතව විදේශීය මත්පැන් ලීටරයක නිශ්පාදිත බද්ද 4570ක් දක්වා ඉහළ නන්වා ඇත. එම මත්පැන් ලීටරයක් 420කින් ඉහළ ගොස් තිබේ.

මන්ද මත්පැන් සේ සැලකෙන සැර සියයට 5ට අඩු මත්පැන් ලීටරයක් සඳහා නිශ්පාදිත බද්ද 3300 දක්වා ඉහළ නන්වා ඇති බවත්, සැර පහට වැඩි මන්ද මත්පැන් ලීටරයක් සඳහා බද්ද 3450ක් ලෙසත් බදු වැඩි කර තිබේ.

රා හැර අනෙක් ශාක නිශ්පාදිත මත්පැන් ලීටරයක් 3300කින් නිශ්පාදිත බද්ද වැඩිකර ඇත. එම මත්පැන් ලීටරයක් රුපියල් 100කින් මිල වැඩි වී ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ මත්පැන් බෝතලයක මිල අවසාන වශයෙන් වැඩිවීම තීරණය කරන්නේ නිශ්පාදන සමාගම් බවත් එම සමාගම් මිල නියමකර සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ වෙළෙඳපලට නිකුත් කරන බවත් ය.

Exit mobile version