අය වැය දෙවන වර කියැවීම  වැඩි චන්ද 99කින් සම්මතයි…

Parliament

2021 අයවැය විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මත වූයේය. මෙහිදී පක්ෂව ජන්ද 151 සහ විපක්ෂව 52 ජන්ද හිමි විනි.

චන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා බන්ධනගාරයේ සිට පැමිණ තිබිණි.

එමෙන්ම ජන්ද විමසීම සිදුවන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සභාවට පැමිණියේ නැත. මේ    සම්බන්ධයෙන්  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් විමසා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී කථානායකවරයා කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා තමන්ට අසනීප වීම හේතුවෙන් පැමිණීමට නොහැකි බවට කියා සිටි බවය.

 

Exit mobile version