අයි.පී.එල් ඇරඹෙයි… ආරම්භක සටන චෙන්නායි සුපර් කිංග්ස් හා මුම්බායි ඉන්දියන් අතර

Mahendrasing-Doni-Rohith-Sharma

මහේන්ද්‍රසිං දෝනි හා රෝහිත් ෂර්මා

අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සමාරම්භක තරගයට අද (19 දා) රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම  අතර පැවැත්වේ .

රාත්‍රී තරගයක් වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන්. ප.ව. 7.30 අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම වරක් ශූරතාව දිනාගෙන සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉකුත් වසරේද ශූරයන් විය. ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ තෙවැනි වරටත් සටනට පිවිසෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ගෙවී ගිය දශකය තුළදී වසර දෙකින් දෙක අයි.පී.එල්. ශූරතාව සිව්වරක් දිනාගෙන තිබේ. එහිදී ඔවුන් 2013, 2015, 2017 සහ 2019 වසරේදී අදාළ ශූරතාව හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.
මුම්බායි කණ්ඩායම සමග සමාරම්භක සටනට පිවිසෙන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමද තෙවරක් අයි.පී.එල්. ශූරතාව දිනාගෙන තිබේ. එහිදී ඔවුන් 2010, 2011 සහ 2018 වසරවලදී ශූරතාව දිනාගෙන ඇත්තේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේය.
අයි.පී.එල්. ඉතිහාසයේ ශූරයන්ට පිරිනැමෙන වැඩිම ත්‍යාග මුදලද මෙවර තරගාවලියේදී ලබාදීමට සංවිධායකයන් කටයුතු කර තිබීම විශේෂත්වයකි.  මෙවර සමස්ත ත්‍යාග මුදල ඇ.ඩො. මිලියන 7.2 ක් වන අතර ශූරයන්ට ඇ.ඩො. මිලියන 2.9 ක්ද අනුශූරයන්ට ඇ.ඩො. මිලියන 1.8 ක්ද හිමිවේ. ඉන්දියානු ක්‍රිකට් ආයතනය විසින් මෙවර මෙම තරගාවලිය සංවිධානය කරන්නේ 13 වැනි වරටය.
අයි.පී.එල්. තරගාවලියට තරග වදින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය මහේන්ද්‍ර සිං දෝනි විසින්ද, කිංග්ස් පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය ලොකේෂ් රාහුල් විසින්ද, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් දිනේෂ් කාර්තික්ද, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් රෝහිත් ෂර්මාද, රාජස්තාන් රෝයල් කණ්ඩායමේ නායකයා වශයෙන් ස්ටීන් ස්මිත්ද, රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායමේ නායකයා වශයෙන් විරාට් කෝලිද, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා වශයෙන් ඬේවිඞ් වෝනර්ද කටයුතු කරනු ලබයි.


Exit mobile version