අයි.එම්.එෆ් ගිවිසුම ගැන පාර්ලිමේන්තුව දැනුම්වත් කරන අයුරු ජනපති දැන්නුවා – කතානායක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා රජය එළැඹි එකඟත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයට පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව  දැනුවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  තමන්ට පැවසූ බව   කතානායක මහින්ද යාපා අබේවර්ධන අද ( 22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අදාල ගිවිසුම සම්බන්ධයෙන් මෙතෙක් කැබිනට් මණ්ඩලය හෝ වෙනත් රාජ්‍ය නිලධාරියකු දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බවද ජනාධිපතිවරයා   තමන්ට  කී බව ද කතානායකවරයා පැවසුවේය.

කතානායකවරයා කීවේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකඟතාවයට තවදුරටත් සංශෝධන ඇතුළත් කරමින් තිබෙන බව  ජනාධිපතිවරයා සඳහන් කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැමිණි එකඟතා එම අරමුදලේ මණ්ඩලයක් මගින් සම්මත විය යුතුව තිබෙන බවත් ඒ නිසා අනෙක්  ණය හිමියන් සහ රටවල් සමග සාකච්ඡා කර අවසන් වනතුරු අවසන් එකඟත්වයක් දෙන්නේ නැති බවත් ජනාධිපතිවරයා පැවසූ බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේය.


 

Exit mobile version