අයිස් බකට් අභියෝගයෙන් දැවැන්ත අරමුදලක් පිහිටු වූ මැක් ක්වින් මියයයි

ජනප්‍රිය අයිස් බකට් අභියෝගය සමාජ ජාලය සිසාරා වෛරසයක් මෙන් පැතිරෙමින් යද්දී ඒ හරහා ALS රෝගය පිළිබඳ පර්‍යේෂණ සඳහා අරමුදලක් පිහිටුවු සම-නිර්මාපක පැට්‍රික් ක්වින් මියගොස් තිබේ.

පැට්‍රික් ක්වින් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37 දී ය.

අමෙරිකානු ජාතිකයකු වූ ක්වින්ට සුව කළ නොහැකි ස්නායු රෝගයක් වන Amyotrophic lateral sclerosis (ALS) රෝගය 2013 දී හඳුනා ගන්නා ලදී.


ඔහු ඊයේ මිය ගිය බව ඔහුගේ ආධාරකරුවන් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ ලියමින් පවසා ඇත්තේ “ඔහු බොහෝ පැතිවලින් අපට ආශීර්වාදයක් වුණා” යනුවෙනි.

අයිස් බකට් අභියෝගය අතිශයින් ජනප්‍රිය වු තරම කෙසේද යත් ALS පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 220 ක් එම අරමුදලට රැස් කරගැනීමට හැකිව ඇත.

ඒ අනුව මෙම අභියෝගය හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, ඔප්රා වින්ෆ්‍රේ, ලේඩි ගගා සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ඉහළ පෙළේ අය ද සහභාගී වීමට තරම් ජනප්‍රියත්වයට පත්විය.

අයිස් බාල්දි අභියෝගය ක්වින් සමඟ ආරම්භ නොවූ නමුත් ඔහු සහ ඔහුගේ පවුලේ අය සහ මිතුරන් එය 2014 ගිම්හානයේදී ගෝලීය සමාජ මාධ්‍ය සංසිද්ධියක් බවට පත් කිරීමට මුල්වූ අයකු බවට සැළකේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු ද පෙළුණු මෙම ALS රෝගය යනු ස්නායු පද්ධතියේ රෝගයක් වන අතර එය මොළයේ හා කොඳු ඇට පෙළේ ස්නායු සෛලවලට බලපාන අතර එමගින් මාංශ පේශිවල පාලනය නැති වේ.

Exit mobile version