අයාලේ ගියේ ගුණතිලක විතර ද?. චෝදනා ලැබ දණ්ඩනයට ලක් වන්නේ චාමික විතර ද?…

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ වෛරී හැසිරීම සම්බන්ධව ප්‍රශ්න සහගත තොරතුරු හෙළි වේ....

CC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  ක්‍රීඩක හැසිරීම සම්බන්ධව චාමික කරුණාරත්න දැඩි දණ්ඩනයකට හසු කර තිබෙද්දී  ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් සහ කණ්ඩායමේ පරිපාලනය අයාලේ ගිය හැටි සම්බන්ධව දැක්වෙන ඡායාරූප සාධක ගණනාවක් ඔස්ට්‍රේලියාවෙන් ලැබෙමින් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ  විසින් දණ්ඩනයට ලක් වූ චාමික කරුණාතරත්න ඉලක්ක කරගෙන ලිඛිතව දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ කණ්ඩායමේ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් කණ්ඩායමේ පරිපාලනයෙන් මිදී  විනය නීති පසෙක තබා තරගාවලිය අතර අයාලේ යමින් සිටිය දී වීමත් මේ විකල් හැසිරීම් පසුපස ආගමික කල්ලියක් සිටින බවට චෝදනා එල්ලවීමත්   මේ වනවිට දැඩි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇත.

ප්‍රමෝද්‍ය විසින් චාමික කරුණාරත්නන ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යැවූ ලිපිය සමාජ මධ්‍ය වෙත නික්තු වීම සම්බන්ධව ද  ප්‍රශ්නයක් මතු වී තිබේ.

සංචිතයෙන් මිදී  ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සේ,  ස්ත්‍රී දූෂණ චෝදනාවට ලක් වී  බන්ධනාගාරගතව සිට දැඩි කොන්දේසි සහිතව ඇප මත නිදහස් වී සිටින ධනුෂ්ක ගුණතිලක රාත්‍රී සමාජ ශාලාවල තරුණියන් සමග ගැවසෙන  ඡායාරූප ගණනාවක්   වේ.   කුසල් මෙන්ඩිස්  මින් පෙර ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල සමග එක් වී  මින් පෙර කොවිඩ් සමයේ  පැවති එංගලන්ත සංචාරය අතර තුර ජෛව බුබුල බිඳ දමා අයාලේ හැසිරීම හේතුවෙන් තරගාවලිය අතර ලංකාවට ගෙන්වා  දණ්ඩනයට ලක් කළ ක්‍රීඩකයාය.


ශ්‍රී ලංකා කණ්ඩායම සමග මෙම අවස්ථා ගත කිරීමට මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් තරග ක්‍රීඩා කරමින් සිටින ශ්‍රි ලංකා ටෙස්ට් නායක  දිමුත් කරුණාතරත්න ද එක් වී තිබිණි.

මේ අතර තරගාවලිය අතර තුර නිවාස සෙවීමේ ව්‍යාපෘතියක නිරතවීම සම්බන්ධව කණ්ඩායමේ නායක දසුන් ශානකට එරෙහිව චෝදනා එල්ල වූයේය.

මේ චෝදනා සහ විෂම ආකාරයට ක්‍රීඩකයින් දණ්ඩනයට ලක්වීම පිළිබඳව ප්‍රශ්න මතුවෙද්දී 2022 ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ හැසිරීම සම්බන්ධ සිදුවීම්       සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ   විසින් පියවර ගත්තේය.

2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ   විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ගේ සභාපතිත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුක්ත මෙම විමර්ශන කමිටුවක් පත් කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි සභාපතිත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන  ද සාමාජිකයින් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු , විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල  , විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස්  , හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස්  , නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු  යන අය පත් කර තිබේ.

Exit mobile version