අමෙරිකානු ලොක්කාගේ මෙරට සංචාරයේදී රජයට අනතුරු ඇඟවීමක්

අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන සතියේ කොළඹ සංචාරය කරන විට මෙරට ආර්ථික සම්බන්ධතා සම්බන්ධයෙන් “දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ” ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනු ඇති බව අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.

පොම්පියෝ ආසියානු සංචාරයක් සඳහා ඉන්දියාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කිරීමට නියමිතය.

එහි ප්‍රධාන ඉලක්කය වන්නේ චීනයට එරෙහිව එම රටවල සහාය ලබා ගැනීමයි.


ඔහුගේ සංචාරය පැමිණෙන්නේ නොවැම්බර් 3 එක්සත් ජනපද මැතිවරණයට සතියකට පෙරය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන අංගය වී ඇත්තේ චීනය සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු කරමින් ජනපති ධූරය දෙවන වරටත් ශක්තිමත් කර ගැනීමේ අභිප්‍රායයි.

පොම්පියෝ සහ අනෙකුත් එක්සත් ජනපද නිලධාරීන් චීනය පිළිබඳ දැඩිව වාචාල කතා දිගටම කරගෙන යමින්, ලොව පුරා කර ඇති චීන ආයෝජන “ණය රාජ්‍ය තාන්ත්‍රිකභාවය” ලෙස සඳහන් කරමින්, එම නිසා දුප්පත් ජාතීන්ට අධික ණය බරින් මිරිකී සිටීමට සිදූව ඇති බවට චෝදනා කරති.

අමෙරිකානු නිලධාරීන් වාර්තාකරුවන්ට කරුණු දක්වමින් චීනයේ නම නොපවසා ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා තිබුණේ, ආර්ථික සබඳතාවලදී අත්වැල් බැදගන්නේ කවුරුන් සමග දැයි තීරණය කිරීම අපහසු නමුත් ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍යයෙන්ම තෝරා ගැනීමක් කළ යුතු බවයි.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරි ඩීන් තොම්සන් පැවසුවේ “විනිවිද පෙනෙන හා පාරදෘශ්‍ය ආර්ථික සංවර්ධනය සඳහා අප ලබා දෙන විකල්ප සමාලෝචනය කරන ලෙස අපි ශ්‍රී ලංකාව දිරිමත් කරමු.

දිගුකාලීන සමෘද්ධිය සඳහා ආර්ථික ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගන්නා ලෙස අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු,” තොම්සන් පැවසීය.

චීනයේ විදේශ අමාත්‍යංශ ප්‍රකාශක එම ප්‍රකාශ “සීතල යුද්ධයක මානසිකත්වයක්” පෙන්නුම් කරන බවට පවසා තිබේ.

රටවල් අතර සාමාන්‍ය සහයෝගීතාවයට බාධා කිරීම සඳහා බලහත්කාරය යොදා ගැනීමේ උත්සාහයන් සාර්ථක නොවන බව අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් සිකුරාදා බීජිං හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලොව පුරා රටවල් දුසිම් ගණනක තීරණාත්මක යටිතල පහසුකම් සඳහා මුදල් යෙදවීමේ අරමුණින් චීනය සිය බෙල්ට් ඇන්ඩ් රෝඩ් ආර්ථික ප්‍රතිපත්තිය සමඟ දකුණු ආසියාවට පිවිසෙමින් සිටී.

Exit mobile version