අමෙරිකානු ජනපති සටනේ ජෝ ඉදිරියෙන්

“අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බව” ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට ප්‍රථම සිය පාක්ෂිකයින් අමතමින් කීය.

මේ වනවිට ප්‍රාන්ත 39ක ප්‍රතිඵල නිකුත් වී ඇත.

ඉන් බයිඩන් කොට්ඨාස 224ක් ලබාගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇති කොට්ඨාස ගණන 213කි.


ඇරිසෝනා, මිචිගන්, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා ප්‍රාන්ත දිනා ගැනීම පිළිබඳව තමාට විශ්වාසයක් ඇති බවත් තමාට ප්‍රතිඑලය පිළිබඳ සුබවාදී හැඟීමක් ඇති බවත් ජෝ කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් “සෑම ඡන්දයක්ම ගණන් කරන තුරු, සෑම ඡන්ද පත්‍රිකාවක්ම ගණන් කරන තුරු එය අවසන් නොවන” බව හෙතෙම කියාසිටී.

Exit mobile version