අම්බලන්ගොඩ ඝාතන දාමයක්… මළ ගෙදරක දී තවත් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි…

murder

අද (27)  මීට ටික වෙලාවකට පෙර අම්බලන්ගොඩ,  ගලගොඩ  ප්‍රදේශයේ මළ ගෙදරකට පැමිණි තුවක්කු කරුවෙක් එම මළ ගෙදර සිටි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර ඇත. වෙඩි වැදුන තවත්  පුද්ගලයෙක්  බරපතල තුවාල සහිතව රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීමත් ඊයේ (26)   අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තබා   සිදුකළ පුද්ගල ඝාතනයත් අතර සම්බන්ධයක් ඇතැයි විමර්ශන අංශ සැක පහළ කරයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් ඊයේ ඌරවත්තේ දී ඝාතනය කළේ වසන්ත සොයිසා නැමැති පුද්ගලයෙකි. ඔහු ද මිනීරුම් චෝදනා පිට සිරගත වී පැමිණ අයෙකි. ඔහු විසින් ඝාතනය කළ බව කියන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ බූරු අජිත් නැමැත්තෙකි. එම ඝාතනය සිදුවන්නේ 2020 අගෝස්තු 22 දාය.

එම නඩුව සඳහා බලපිටිය උසාවියේ පෙනී සිට නැවත නිවස බලා යද්දී ඝාතකයින් විසින්  වසන්ත සොයිසා නැමැත්තා ඌරවත්තේ දී වෙඩි තබා මරා දමා තිබිණි.


අද මීට ටික වෙලාවකට පෙර අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ මළ ගෙදරදී ඝාතනය වන්නේ වසන්ත සොයිසා නැමැති අය ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයාගේ සාහෝදරයා බව පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version