අභූත චෝදනා නොකර එන්නත් සොරකම ගැන පරීක්ෂණයක් නොකළොත් වැඩ වර්ජනයට යනවා – ගිලන් රථ රියදුරු සංගමය

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කොරෝනා එන්නත් කුප්පි 30ක් සොරකම් කිරිමේ සිද්ධිය සම්බන්ධ කඩිනමින් අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා එහි ඇත්ත නැත්ත රටට හෙළි කළ යුතු බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන්රථ සහ ප්‍රවාහන රියදුරු සංගමය හා දකුණු පළාත් සෞඛ්‍ය සේවා සුව මිතුරු වෘත්තිය සමිතිය පවසයි.

එසේ නොමැතිවුවහොත් ජුලි මස 07 වැනි දින දකුණු පළාතේ ගිලන්රථ රියදුරන් හා සෞඛ්‍ය කාර්ය සහායකයින් ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තින්දුකොට ඇති බැව් මෙම වෘත්තිය සමිති කියයි. මෙම සිද්ධිය සම්බන්ධව ගිලන් රථ රියදුරකුට හා සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකුට අභුත ලෙස චෝදනා එල්ලකොට ඇති බවත් එය වහා නිවරදි කරන ලෙස හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මෙකි වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

දකුණු පළාත් මාධ්‍ය මධ්‍යස්ථානයේ දී මෙම වෘත්තිය සමිතිවල නියෝජතයින් විසින් කරනු ලැබු එකාබද්ධ මාධ්‍යහමුවකදී මේ බව සඳහන් කෙරිනි. දකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන්රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් සේනක විජේනාත් මෙසේ කිවේය.

“සිද්ධිය සම්බන්ධව ගිලන් රථ රියදුරකු හා සෞඛ්‍ය කාර්ය සහායකවරයකු පිළිබඳ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හබරාදුව පොලිසියට පැමිණිල්ලක් කර තියෙනවා. මේ අය කරලා තියෙන්නේ අදාල ස්ථානයට කොරෝන එන්නත් රැගෙන යාම හා ඉතිරි එන්නත් නැවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ඒම පමණයි.

එන්නත් ප්‍රවාහනය කිරීම පමණයි. මෙම දෙදෙනා විශ්‍රාම යාමට ආසන්නව ඉන්න අය. ගිලන්රථ රියදුරු හා සෞඛ්‍ය කාර්යසහායකවරයාගෙ වගකීමක් නොවේ එන්නත් භාරව කටයුතු කිරීම. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා මෙය වහා නිවැරදි කළ යුතුයි.

එන්නත් නැතිවෙලා තියෙන්නේ 02 වැනි දින. නමුත් පොලිසියට පැමිණිලි කරන්නේ දින 13 කට පසු 16 වැනිදා. මෙකී එන්නත් සොරකමේ ඇත්ත කථාව රටම දැන ගතයුතුයි.“

Exit mobile version