අපේ ජන බල පක්ෂ සභාපතිගේ පැටිකිරිය ගැන කියන්න බුද්ධි අංශ වාර්තාවක්

පසුගිය මහ මැතිවරණයෙන් ඡන්ද 67758ක් ලබාගෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ආසනයක් ලබා ගත් අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා නැමැත්තාද මේ වනවිට තම නම ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ගැසට් කරන ලෙස මැතිවරණ කොමිසම වෙතින් ඉල්ලා තිබේ. ඔහු දකුණේ පාතාලයට සම්බන්ධ පුද්ගලයකු බවට රාජ්‍ය බුද්ධි සේවය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී රජයට නිල වශයෙන් වාර්තාවක් ද ලබා දී තිබිණි. මෙම පුද්ගලයා  පසුගිය ජනාධිතිවරණයටද නාමයෝජනා ලබාදුන්නේය.   රාජ්‍ය බුද්ධි වාර්තා ලබාගෙන ඇත්තේ සමන් මෙම පක්ෂයේ සභාපති වීමෙන් පසුවය. .

සමන් ප්‍රසන්න පෙරේරා නැමැත්තා දකුණේ ප්‍රසිද්ධ වී ඇත්තේ“ රෝයල් බීච් සමන්“ ලෙසිනි.  ඔහු දකුණ හෙල්ලූ පාතාලයට සම්බන්ධ මරණ කිහිපයකටද චෝදනා එල්ල වූ මෙන්ම දකුණේ පාතාල කණ්ඩායමක වෛරයට පාත්‍රව සිටින පුද්ගලයකු බව පැවසේ . ඉඳුරුව රෝයල් බීච් නම් හෝටලයේ හිමිකරුවා වන ඔහු සංචාරක මඟ පෙන්වන්නකු ලෙස මුලින් කටයුතු කර තිබේ. ධනවත් වෛද්‍යවරියක සමඟ විවාහ වීමෙන් පසුව විශාල ධනස්කන්ධයක් උරුම කරගත්තකු බව සඳහන් වෙයි.  මෙම පුද්ගලයාද ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ලබාගෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා වූ පරිදි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එය ලබා නොදී දිගටම කටයුතු කරාවිද යන සැකය මතුව ඇතැයි අපේ ජන බල පක්ෂයට සම්බන්ධ ඇතැම් අංශ සැක පළ කරයි.

රෝයල් බීච් සමන් හෙවත් සමන් පෙරේරා නැමැත්තා සම්බන්ධයෙන් මේ වනවිට පවතින චෝදනා ගණනාවක් පවතින අතර වරක් ඔහු බන්ධනාගාර ගත වී ඇප මත පැමිණ සිටින අතර ඝාතන සම්බන්ධයෙන් නඩු කිහිපයක්ද විභාග වෙයි.


 බලපිටිය හිටපු ප්‍රදේශීය සභා සභාපති ස්ටැන්ලි තාබෘ සහ ඔහුගේ පුත් ටෙරී තාබෘ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධයෙන් ඔහුට චෝදනා පවතී. එසේම ඉඳුරුවේ සමන් නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා පවතී. දැනට විදේශගතව සිටින කොස්ගොඩ සුජී නැමති පාතාල නායකයාගේ ප්‍රධාන ප්‍රතිවාදියකු වන මොහු බොහෝ විට ගැටුම් ඇතිකරගෙන ඇත්තේ සංචාරක ව්‍යාපාරය සහ දේපළ පිළිබඳව ප්‍රශ්න මත බව වාර්තා වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමන් පෙරේරා අපේ ජන බල පක්ෂය විශාල මුදලක් ගෙවා ලබා ගත් බවටද රාවයක් පවතී.   ඔහු පසුගිය කාලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව කතාවක් නිර්මාණය කළ නාමල් කුමාර නැමැත්තා සමඟද සමීපව ඇසුරු කළ බවට වාරතා වී තිබේ

Exit mobile version