අපේ ජනබල පක්ෂයේ රිට් පෙත්සම් 4ක් උසාවියෙන් ප්‍රතික්ෂේප වෙයි

පාර්ලිමේන්තු මහමැතිවරණයට කොළඹ, කළුතර, කුරුණෑගල හා මොණරාගල යන දිස්ත්‍රික්කවලින් තරග කිරීමට අපේ ජනබල පක්ෂය අපේක්ෂකයන් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ගත් තීරණ බලරහිත කරන ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවන් වන ඒ.එච්.එම්.ඩී නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කරන ලද්දේ දහනම වැනි වගන්තියට අනුව ඉහත දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන් කටයුතු කර ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාම යෝජනා භාර දුන් දුන්න අවස්ථාවේදීම විරෝධතා දැක්වීමට පෙත්සම්කරුවන්ට අවස්ථාව තිබූ බවත් එම කාලය තුළ එවැන්නක් ඉදිරිපත්ව නොතිබූ බවත් ප්‍රකාශ කරමින් මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කර තිබේ.


Exit mobile version