අපේක්ෂකයකු ගිය මාරක ගමන සමාජ මාධ්‍ය කළඹයි

මෙවර මහමැතිවරණයට තරග කරන අපෙක්ෂකයන්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මහජනතාව දැඩි අවධානයෙන් පසුවන බව පෙනෙනුයේ එවැනි නීතිවිරෝධි අශීලාචාර අවස්ථා සැණෙකින් වීඩියෝ හෝ ඡායාරූපගත කොට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීමය.

අද දිනයේ සමාජ මාධ්‍ය ජාලාවල වෛරසයක් ආකාරයෙන් පැතිර ගිය මෙම ඡායාරූපය සහිත වීඩියෝව කොළඹ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ අපෙක්ෂකයකු ගමන් කළ ආකාරය පෙන්නුම් කරයි.

කොළඹ පුරයක නගරාධිපති ලෙස කලක් කටයුතු කළ මෙම අපේක්ෂකයා සහ ආධාරකරුවන් ගමන් කළ වාහන දෙක මාර්ග නීති කඩකරමින් සෙසු රියදුරන්ටද බාධා වන අයුරින් අනතුරු දායක ලෙස ගමන් කළ ආකාරය විවේචනය ලක් කරමින් මාධ්‍ය ජාලවල මෙම ඡායාව සහිත වීඩියෝවක් ප්‍රචාරය විය.


එදා මෙන් නොව අද ජංගම දුරකථනයකින් තත්ත්පර ගණනක් තුළ ගන්නා ඡාටයාරූපයක් හෝ වීඩියෝවක් අපෙක්ෂකයන්ගේ අනාගතය අඳුරු කරවිය හැකි තීරණාත්මක එකක් වන්නට ඉඩක් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවන් සෑම මොහොතකම තමන් මෙන්ම තමන්ගේ ආධාරකරුවන්ගේ විනය ,ශිලාචාර බව, නීතිගරුක බව පිළිබඳව සිහියෙන් යුතුව අඩුම තරමින් මැතිවරණය අවසන් වන තෙක් හෝ කිරීමට සිදුවනු ඇත.

Exit mobile version