අප්‍රිකානු මාරක වෛරසය ඕනෑම වෙලාවක පැමිණිය හැකියි… අපි සූදානම්… හේමන් හේරත්!

මේ වන විට දකුණු අප්‍රිකාවේ පැතිර යන C 1.2 මාරාන්තික කොවිඩි වයිරසය ඔිනෑම මොහොතකදී මෙරටට පැමිණිය හැකි බවත් එයට මුහුණ  දිමට සියලුම සෞඛ්‍ය අංශ සූදානමින් තබා ඇතිබවත් නියෝජ්‍ය සෞඛය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරයි.

ඩෙල්ටා වයිරසය විදේශ රටවල පැතිර යන අවස්ථාවේදී එය ලංකාවට පැමිණෙනු ඇතැයි සිතා අප සූදානම් වූ ආකාරයටම අප්‍රිකානු වයිරසය සඳහාද සූදානමින් සිටින බව  නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19 ඔිනෑම වයිරසයකට මුහුණ දිය හැකි හොඳම ක්‍රමයන් වන්නේ මුවආවරණ පැළදීම, නිතර සබන් යොදා දෑත් පිරිසිදු කිරීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම  මගින් ඔිනෑම වයිරසයකින් ආරක්ෂා විය හැකි වන අතර එන්නත්කරණයට යොමු වීමද ඉතාමත් වැදගත් යැයි ඔහු පෙන්වාදේ.


 

Exit mobile version