අපවත් වී වදාළ මහ නාහිමිට මැති සබේ ගෞරවය දීම ගැන  සජිත්ගෙන් ප්‍රශ්නයක්  

අපවත් වී වදාළ රාමඥ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාමිහිපාණන් වහන්සේ වෙනුවෙන් අද පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කරන අවස්ථාවේදීම විනාඩියක නිහඬතාවක් පළ කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලද යෝජනාවක් නිසා අද දින සභාවාරය ආරම්භයේදිම මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය විය.

විපක්ෂ නායකවරයා අද සභාවේ කටයුතු ආරම්භ වන අවස්ථාවේදීම නැගී සිටිමින් කළ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසුයෙව් එවැනි සම්ප්‍රදායක් නොමැති බවත් අද දින සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට මෙම ගෞරවය පළ කිරීම සුදුසු බවය

ඊට ප්‍රතිචචාර දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙම සභාවේ මේ සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් පවතින බවත් එනම් අස්ගිරි පාර්ශ්වයේ මහා නාමිහියන්ගේ අපවත් විම අවස්ථාවේදී විමල් වීරවංශ මන්ත්‍රිවරයා විසින් සිදු කරන ලද යෝජනාවකට අනුව ද සභාව එකඟවී විනාඩියක නිහඬතාවකින් ඊට ගරු කළ යුතු බවද පෙන්වා දුන් අතර එම පූර්වාදර්ශය අද දිනයේද අනුගමනය කරන බවට යෝජනා කළේය.


එ අවස්ථාවේ අදහස් දැක්වු සභානායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාද ප්‍රකාශ කර සිටියේ සජිත් ප්‍රේමදාස  ගෙන එන යෝජනාවට තමන් විරුද්ධ නොවූවද වඩා සුදුසු සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් සම්මතයෙන් මෙය සිදුකොට ඒ බව ආදාහන කමිටුවටද නිල වශයේ දැන්වීම වඩාත් සුදුසු වන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන්ද ප්‍රතිචාක දක්වමින් විපක්ෂ නායකවරයා පැවසූයේ අපවත් වි වදාළ මහා නායක ස්වාමීන් වහන්සේ නමකට විනාඩියක නිහඬතාවක උපහාරයක් දැක්වීමට මේ තරම් වාද විවාද කළ යුතු දෙයක් නොවන කලින් පූර්වාදර්ශය අනුව සිදු කළ යුතු බවය. එහෙත් කථානායකවරයා එහිදීද ප්‍රකාශ කළේ සියලු දෙනාගේම එකඟතාව ඇතිව එය සභාව කල් තබන අවස්ථාවේ සිදු කිරීම වඩාත් පිලිවෙළ බවයි.

Exit mobile version