අඳුරේ ඉන්නව ද?… ප්‍රවාහන සේවා නවත්වනව ද?.  ඇමති ගමන්පිල තොරා ගැනීම් දෙකක් ඉදිරිපත් කරයි!

ගම්මන්පිල ඇමතිවරයා ඉන්ධන නොදෙන්නේ නම් විදුලි සැපයුම සම්බන්ධව අද තීන්දුවක් ගන්නා බව විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පැවසුවත් පවතින අර්බුදය හමුවේ ඩොලර් ලබා නොදෙන්නේ නම් ඉන්ධන ලබා දිය නොහැකි බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.

බිඳ වැටුණු බලාගාර කීපයක් යළි පණ ගැන්වීමට ඉන්ධන මෙට්‍රික් ටොන් තුන්දහසක් දින තුනකට පෙර  අවස්ථා දෙකක දී ලබා දී ඇති නමුත් දිගටම එම තත්වය පවත්වා ගැනීමට බලශක්ති අමාත්‍යාංශයට ඉන්ධන තොග නැති බව කියන ගම්මන්පිල ඇමතිවරයා ඉන්ධන අවශ්‍ය නම් විදුලිබල අමාත්‍යාංශය ඩොලර් ලබා දිය යුතු බව කියයි.

එසේ ඩොලර් ලබා දුන්නත් ඉන්ධන ගෙන්වීම සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ඔහු කියයි.


විදුලි සැපයුමට දැන් ඇති ඉන්ධන තොග ලබා දුනහොත් ප්‍රවාහන ක්ෂේත්‍රය නවත්වා දැමීමට සිදුවන බව ඇමතිවරයා පෙන්වා දෙයි.

ඉන්ධන නොලැබෙන්නේ නම් විදුලිය ජනනය සම්බන්ධව තීන්දුවක් ගන්නා බව ඊයේ ගාමිණී ලොකුගේ ඇමතිවරයා කීවේය.

මේ අතර විශේෂ හෙළිදරව්වක්  කරමින් පොහොට්ටුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කීවේ  ඩොලර් සංචිත හින්දවමින් ගෙවන්නට යන ජාත්‍යාන්තර ස්වයිරී බැඳුම්කරය ගෙවා දැමීමට කල් ඉල්ලන්නේ නැතිව එය පියවීමට මෙතරම් හදිස්සි වන්නේ එම බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂ හිතවතුන් බවය.

කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට බංකොලොත් කර ගෙවන්න හදන ඩොලර් මිලියන 500 බැඳුම්කරයට ආයෝජනය කළේ රාජපක්ෂලා…

Exit mobile version