අනෙකාට ඇහුම්කන් නොදෙන සමාජයක ඛේදවාචකය – සුබේදනී

දිනසේන රතුගමගේ – 

මේ ඡායා රූපයේ සිටින්නේ නුලාවිල්  ගම්මානයේ පදිංචි මහාදේවන් සුබේදනීය.  

දුටුවන් නෙත් සිත් පැහැරගත් ඒ සොඳුරු යෞවනිය අකාලයේ මිය ගොස් තිබුණාය. ඊයේ (16) ගෙල වැල ලා ගෙන ඇය මිය යන්නේ මිය යා යුතු හේතුවකට නොවේ. සිය මා පියන් සමග ඇති වන නොරිස්සුම දරාගත නොහැකිවය. 

ජීවිත යනුම පීඩාවක් බවත් ජීවත්වීමෙන් අදහස් කරන්නේ එම පීඩාව කළමනාකරණය කරගැනීම බවත් සුබේදනී දැන සිටියේ නැත. බොහෝ විට ඇය දරාගත නොහැකි මානසික ආතතියකින් පෙළෙමින් සිටින්නට ඇත. 


විශාදය යනුම මේ සමාජයේ සුලබ තත්වයකි. අනෙකාටට සවන් දීමට හෝ ගරු කිරීමට පුහුණු නොවූ සමජයක අනෙකාව  හඳුනා නොගැනීම මහා ඛේදවාචකවලට මුල පුරයි. 

වයස අවුරුදු 22 ක් වූ  සුරූපී සුබේදනී අපට කියන්නේ මේ සමාජය මුහුණ දී ඇති සමාජ ඛේදවචායක ගැඹුර බව තේරුම් ගන්නා කෙනෙක් නැත. මිනිස්සු තවමත් මේ මිය ගිය තරුණියගේ රූපය ආශ්වාදය කරමින් සිටිති. එපමණකි.  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට නිල වශයෙන් කියන්නට ඇත්තේ යාපනය චාවාකච්චේරී පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යන බවය. 

Exit mobile version